. ‘බී’ කාණ්ඩයේ සටන දරුණු අතට හැරෙයි | කෙළිමඬල
2019 ජනවාරි මස 20 වැනි ඉරිදා
‘බී’ කාණ්ඩයේ සටන දරුණු අතට හැරෙයි
2017-06-10 17:40:55 | .

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ හෙට (11 වැනිදා) සහ අනිද්දා (12 වැනිදා) පැවැත්වීමට නියමිත තරග දෙකම ඒ ඒ කණ්ඩායම් වල පැවතීම නැතහොත් නැවතීම තීරණය කරන තරග දෙකක් බවට පත්ව තිබේ. තරගාවලිය මේ තත්ත්වයට පත්වූයේ ඉන්දියාව (3) පරාජය කරමින් ශ්‍රී ලංකාව (6) ජයගැනීමත් දකුණු අප්‍රිකාව (1) පරාජය කරමින් පාකිස්තානය (8) ජයගැනීමත් හේතුවෙනි.

(වරහන් තුළ දැක්වෙන්නේ ඒ ඒ කණ්ඩායම් තරගයට පෙර ලබා සිටි ශ්‍රේණිගත ස්ථානයයි)

මෙම තත්ත්වය නිසා ‘බී’ කණ්ඩයේ කණ්ඩායම් හතරම ප්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටින හෙයින් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයත් අතිශය තියුණු තරග දෙකක් බවට පත්ව තිබේ. මක්නිසාද යත් මෙම තරග දෙකේම  ජයග්‍රාහකයන් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමත් පරාජයට පත්වන කණ්ඩායම් දෙකම තරගාවලියෙන් ඉවත්වීමත් හේතුවෙනි.

‘ඒ’ කාණ්ඩයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වන අතර මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා එංගලන්තය මේ වන විටත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා හමාරය. එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියාවට මෙන්ම බංග්ලාදේශයටද අවස්ථාවක් තිබේ.

එංගලන්තයට එරෙහිව අද (10 වැනිදා) පැවැත්වෙන තරග ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුවහොත් ඔවුන් ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම බවට පත්වේ.

එහෙත් එම තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් වුවහොත් ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම වන්නේ බංග්ලාදේශයයි.

එංගලන්තය සහ බංග්ලාදේශය හමුවේ පරාජය වීමත්, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වීමත් නිසා එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 5 වැනි ස්ථානයේ සිටින නවසීලන්ත කණ්ඩායමට කල් තියාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

 


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...