. පන්දු රකින්නෝ දොරටු වසා දමති | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා
පන්දු රකින්නෝ දොරටු වසා දමති
2017-06-12 15:13:53 | .

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අතපොවන මායිමේ තිබූ අවස්ථාව පන්දු රකින්නන්ගේ දුර්වලතා හේතුවෙන් වැසී ගියේය. කාඩීෆ්හිදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකරගත් පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

 

ජයග්‍රහණය සදහා ලකුණු 237 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 44.5 කදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය. ලකුණු 162 කට කඩුලු 7 ක් දැවී තිබියදී සෆ්‍රාස් අහ්මඞ් (නොදැවී 61) සහ මොහොමඞ් අමීර් (නොදැවී 28) අටවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් පාකිස්තානයට තරගය ජයගැනීමට අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල - ඇ. සර්ෆාස් ප. අමීර් 73
ධනුෂ්ක ගුණතිලක - ඇ. මලික් ප. ජුනයිඩ් 13
කුසල් මෙන්ඩිස් - ප. හසන් අලි 27
දිනේෂ් චන්දිමාල් - ප. ෆහීම් අෂ්රාෆ් 0
ඇන්ජලෝ මැතිව්ස් - ප. අමීර් 39
ධනංජය ද සිල්වා - ඇ. සර්ෆාස් ප. ජුනයිඩ් 1
අසේල ගුණරත්න - ඇ. ෆාඛාර් සාමාන් ප. ජුනයිඩ් 27
තිසර පෙරේරා - ඇ. බාබර් ප. ජුනයිඩ් 1
සුරංග ලක්මාල් - ප. හසන් අලි  26
ලසිත් මාලිංග - නොදැවී 9
නුවන් ප්‍රදීප් - ඇ. සහ ප. ෆහීම් අෂ්රාෆ් 1
අතිරේක (බ-1, පා-5, ව-12, නි-1) 19
එකතුව ඕවර 49.2 කදී සියලුදෙනා දැවී     236
කඩුලු වැටීම 
1-26 (ගුණතිලක), 2-82 (මෙන්ඩිස්), 3-83 (චන්දිමාල්), 4-161 (මැතිව්ස්), 5-162 (ධනංජය), 6-162 (දික්වැල්ල), 7-167 (පෙරේරා), 8-213 (ලක්මාල්), 9-232 (ගුණරත්න), 10-236 (ප්‍රදීප්)
පන්දු යැවීම
මොහොමඩ් අමීර්  10-0-53-2 ව-2
ජුනයිඩ් ඛාන් 10-3-40-3 ව-2
ඉමාඩ් වසීම් 8-1-33-0  
ෆහීම් අෂ්රාෆ් 6.2-0-37-2 ව-2, නි-1
හසන් අලි 10-0-43-3 ව-1
මොහොමඩ් හෆීස් 5-0-24-0 ව-1
පාකිස්තානය 
අසාර් අලී - ඇ. මෙන්ඩිස් ප. ලක්මාල් 34
ෆාඛාර් සාමාන් - ඇ. ගුණරත්න ප. ප්‍රදීප් 50
බාබර් අසාම් - ඇ. ද සිල්වා ප. ප්‍රදීප් 10
මොහොමඩ් හෆීස් - ඇ. ප්‍රදීප් ප. පෙරේරා 1
ශොයිබ් මලික් - ඇ. දික්වැල්ල ප. මාලිංග  11
සර්ෆාස් අහ්මඩ් - නොදැවී  61
ඉමාඩ් වසීම් - ඇ. දික්වැල්ල ප. ප්‍රදීප් 4
ෆහීම් අෂ්රාෆ් - දුවද්දී දැවී ගියා 15
මොහොමඩ් අමීර් - නොදැවී  28
අතිරේක (බ-4, පා-6, ව-13) 23
එකතුව ඕවර 44.5 කදී කඩුලු 7 ක් දැවී     237
කඩුලු වැටීම 
1-74 (ෆාඛාර්), 2-92 (බාබර්), 3-95 (හෆීස්), 4-110 (අසාර්), 5-131 (ශොයිබ්), 6-137 (ඉමාඩ්), 7-162 (අෂ්රාෆ්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
හසන් අලි, ජුනයිඩ් ඛාන්
පන්දු යැවීම
ලසිත් මාලිංග  9.5-2-52-1 ව-4
සුරංග ලක්මාල් 10-0-48-1 ව-2
නුවන් ප්‍රදීප් 10-0-60-3 ව-3
තිසර පෙරේරා 8-0-43-1 ව-4
අසේල ගුණරත්න 5-0-19-0  
ධනුෂ්ක ගුණතිලක  1-0-2-0  
ධනංජය ද සිල්වා  1-0-3-0  

ලසිත් මාලිංග යැවු 39 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සහ 41 වැනි ඕවරයේ පළමු පන්දුවේදී සෆ්‍රාස් අහ්මඞ් ලබාදුන් පහසු උඩපන්දු දෙකක් තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න අතහැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පහසුවෙන් ජයගැනිමට තිබූ අවස්ථාවක් ගිලිහි ගියේය. හත්වැනි එක්දින අර්ධ ශතකය පන්දු 71 කදී වාර්තා කළ සෆ්‍රාස් අහ්මඞ් ඉනිම නිමාකරන විටදී පන්දු 79 කට මුහුණදී හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කිරීමට සමත්විය. සෆ්‍රාස් අහ්මඞ්ට අනගි සහයක් ලබාදුන් මොහොමඞ් අමීර් පන්දු 43 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 28 ක් රැස්කළේය.


අසාර් අලී (34) සහ ෆාඛාර් සාමාන් (50) පළමු කඩුල්ල සදහා පන්දු 68 කදි ලකුණු 74 ක සම්බන්ධතාවයක් පවත්වමින් පාකාස්තානයට හොද ආරම්භයක් ලබාදුන්නද ලකුණු 19 ක් තුළ කඩුලු 3 ක් දවාගනිමින් දැඩි පීඩනයක් ඇති කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරතවූ ෆාඛාර් සාමාන් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු 50 ක් රැස් කළේය.


පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 49.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236 ක් පමණි. ලකුණු 167 කට කඩුලු 7 ක් දැවී දැඩි අසීරුතාවයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් දුරට එයින් මුදවා ගත් අසේල ගුණරත්න (27) සහ සුරංග ලක්මාල් (26) අටවැනි කඩුල්ල සදහා පන්දු 57 කදි ලකුණු 43 ක අනගි සම්බන්ධතාවයක් ගොඩනගමින් ලකුණු 200 කඩයිම පසුකිරීමට සමත් වූහ.


නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල දවාගනිමින් මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු කඩුල්ල දවාගැනිමට මොහොමඞ් අමීර් සමත් වූයේය. කඩුලු රකින ක්‍රීඩක සෆ්‍රාස් අහ්මඞ් හට උඩපන්දුවක් දෙමින් දික්වැල්ල දැවියන විට පන්දු 86 කට මුහුණදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 73 ක් රැස්කර සිටියේය. නිරෝෂන් දික්වැල්ල සිය සිවුවැනි එක්දින අර්ධ ශතකය පන්දු 52 කදී වාර්තා කිරීමට සමත් විය.


ලකුණු 83 කට කඩුලු 3 ක් බිඳවැටීමෙන් ඉතා අසීරුතාවයකට පත්වූ ශ්‍රී ලංකා ඉනිම නැවතත් ගොඩනගමින් සිවුවැනි කඩුල්ල සදහා පන්දු 97 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ. මොහොමඞ් අමීර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 39 ක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් දැවීයාමෙන් පසු නැවතත් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. ලකුණු 161 කට කඩුලු 3 ක් ලෙස ප්‍රබල ස්ථානයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ තිසර පෙරේරාගේ දැවීයාමෙන් අනතුරුව දිස්වූයේ කඩුලු 7 කටලකුණු 167 ක් ලෙසිණි.


කාඩීෆ්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩාවැටුණු පළමු අවස්ථාව මෙය නොවේ. 2011 දී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 82 කට නිමා වූයේ පළමු ඉනිමේදී ලකුණු 400 ක් ලබාගැනීමෙන් පසුවය. එම තරගයේදී එංගලන්තයට ඉනිමක සහ ලකුණු 14 ක ජයක් ලැබිණ.


පිට ඉන්නෙන් ඉවතට ඇඳීයන පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමෙන් පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල් වෙත පැමිණිම නිසා ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් වීමට දිනේශ් චන්දිමාල්ට සිදුවිය.


ලකුණු 27 ක් ලබාසිටියදී හසන් අලීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කුසල් මෙන්ඩිස් දැවි ගිය අතර නිරෝෂන් දික්වැල්ල සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 58 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. පළමු කඩුල්ල ලෙස ලකුණු 13 ක් ලබාසිටි ධනුෂ්ක ගුණතිලක දවාගැනිමට ජුනයිඞ් ඛාන් සමත්විය.     

 

ශ්‍රී ලංකා - පාකිස්තානු ශූරයන්ගේ කුසලාන තරගයේ උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...