. ජාතික පුහුණුකරුත් තරග බිමට බසී | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
ජාතික පුහුණුකරුත් තරග බිමට බසී
2017-06-12 15:27:40 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා බේස්බොල් කණ්ඩායමේ ජාතික පුහුණුකරුවකු ලෙස කටයුතු කරන මලිඳු හේවගේ මහතා මේ දින වලදී පැවැත්වෙන ජාතික බේස්බොල් ලීග් ශූරතාවලියේදී ආදි නාලන්දීය ක්‍රීඩා සාමජයට ක්‍රීඩා කරන බව වාර්තා වේ.

ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලිය ඉකුත් සෙනසුරාදා (10 වැනිදා) දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර එහි දෙවැනි තරගය ලෙස රණබිම රාජකීය ක්‍රීඩා සමාජය සහ ආදි නාලන්දීය ක්‍රීඩා සාමජය අතර පැවැති තරගයට මලිඳු හේවගේ මහතා සහභාගි වී තිබේ. 

ආදි නාලන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කරන හේවගේ මහතා, එම තරගයේ ඉනිම් 9 දීම ආදි නාලන්දීය කණ්ඩායමේ දෙවැනි බේස් ස්ථානයේ ක්‍රීඩා කර තිබේ. පුහුණුකරුවාත් ක්‍රීඩා කළ නමුත්  ආදි නාලන්දීය කණ්ඩායමට එම තරගයෙන් ලකුණු 12-0 ක දැවැන්ත පරාජයක් හිමිවිය. 

ඉකුත් වසරේ පැවැති ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේදී අනු ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායමද මෙවර තරගාවලියට සහභාගි වී සිටින අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේද හේවගේ මහතාය. 

හේවගේ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවකු හෝ සහායක පුහුණුකරුවකු ලෙස 2012 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී ඇති තිබේ. අවසන් වරට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් විදෙස් සංචාරයක් සඳහා සභාගිවී ඇත්තේ මේ වසරේ (2017) පෙබරවාරි මාසයේදී වන අතර ඒ පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය සඳහාය. ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ අනුග්‍රහය මත ඉකුත් වසරේ ජපානයේ පැවැති මාස 6 ක පුහුණු පාඨමාලාවක් සඳහාද හේවගේ මහතා සහභාගි වී ඇත. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් රජිත් රත්නායක මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ පුහුණුකරුවකුට තරගයකට සහභාගි වීම සඳහා සංගමයේ කිසිදු බාධාවක් නොමැති බවත්, එය අන්තර් ජාතික බේස්බෝල් සම්මේලනයේ නීති රීති වලට අනුකූල බවත්ය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...