. රාජකීය හොකී සැණකෙළිය 18 දා | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
රාජකීය හොකී සැණකෙළිය 18 දා
2017-06-15 22:13:48 | සුසිල් ප්‍රේමලාල්

කොළඹ රාජකීය විදුහලේ හොකී සැණකෙළිය මෙම ජුනි 18 දා පෙ.ව. 7. 30 සිට එම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රාජකීය විදුහල් හොකී සංගමය මෙම සැණකෙළිය සංවිධානය කර ඇති අතර වයස අවු 11 -13 වයස් සීමාවේ පාසල් ක්‍රීඩකයෝ 117 දෙනෙක් ඒ  සඳහා සහභාගි වෙති.


රාජකීය විදුහලේ හොකී ක්‍රීඩාව තවදුරටත් ජාතික මට්ටමින් නංවාලීම සහ නවක ක්‍රීඩකයින් හොකී ක්‍රීඩාව සඳහා වැඩි වැඩියෙන් යොමු කිරීමේ අරමුණින් මෙම සැණකෙළිය සංවිධානය කර ඇති බව එම විදුහලේ ක්‍රීඩා අංශ ප්‍රධානී අතුල සේනානායක මහතා පවසයි.


රාජකීය විදුහල් හොකී කණ්ඩායමක් ගතවූ 2016 වසරේදී  සමස්ත ලංකා වයස අවු 19 න් පහළ ශූරතාව දිනා ගැනීමට ද සමත් විය. එම ජයග්‍රාහකයන් සමඟ ඕස්ටේ්‍රලියාවේ  ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද විශේෂ ඇරයුමක් අනුව රාජකීය හොකී  කණ්ඩායම කැන්බරා නුවර තරග සංචාරයක යෙදීම ද විශේෂත්වයකි.


ඕස්ටේ්‍රලියානු  සංචාරයේ දී රාජකීය හොකී කණ්ඩායම තරග පහකට  සහභාගී වී ඇත. එහිදී  තරග 3 ක් ජයගත් රාජකීය කණ්ඩායම එක් තරගයක් ජය පැරදුමෙන්  තොරව අවසන් කළේය. අනෙක් තරගය පරාජය වී ඇත.


රාජකීය විදුහල් හොකී  සැණකෙළිය විදුහලේ හොකී පුහුණුකරු රෝහණ දිසානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...