. පාසල් මැරතන් තරග තුනක් රාත්‍රියේ | කෙළිමඬල
2018 පෙබරවාරි මස 24 වැනි සෙනසුරාදා
පාසල් මැරතන් තරග තුනක් රාත්‍රියේ
2017-06-18 16:41:22 | සුසිල් ප්‍රේමලාල්

පාසල් ළමුන් සඳහා කුඩා ප්‍රමාණයේ මැරතන් තරග තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. දරුවන්ගේ වෙහෙස අව ප්‍රමාණ කිරීම සඳහා රාත්‍රී  කාලයේ පැවැත්වෙන මෙම තරග සඳහා ජූලි  15, 22 සහ 29  යන දින තෝරාගනු ලැබ ඇත. 

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ කවර ආකාරයේ හෝ මැරතන් තරගයක් රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිත පළමු අවස්ථාව මෙයයි. වැඩි පිරිසකගේ  සහභාගිත්වය හා සහ ශරීර සෞඛ්‍ය ගැන විශේෂ අවධානය යොමු  කරමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා පැවසීය.

දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි  මෙම කුඩා මැරතන්  තුන සංවිධානය කර ඇත.

ඒ අනුව වයඹ, මධ්‍යම සහ සබරගමුව පළත් ආවරණය වන පරිදි ලබන ජුලි 15 දා කෑගල්ලේදීද උතුරු, නැගෙනහිර සහ උතුරු  මැද පළත් ආවරණය කරමින් ලබන ජූලි 22 දා යාපනයේදීද දකුණු, බස්නාහිර සහ ඌව පළත් ආවරණ වන පරිදි ලබන  ජූලි 29 දා මාතරදීද එම රාත්‍රී මැරතන් තරග සංවිධානය කර තිබේ.

මෙම තරග තුන පැවැත්වීමෙන් පසු සමස්ත ලංකා පාසල් මැරතන් තරගය ලබන සැප්තැම්බර්  15 දා  කොළඹදී පැවැත්වීමට නියමිතය.

“ඇත්තටම පාසල් මැරතන් තරගයක් පෙ.ව 6.00 හෝ 6.30 ආරම්භ කරන විට  පාසල් ළමුන් ඊට පෙර දින තරගය පැවැත්වෙන ස්ථානයට පැමිණිය යුතුයි. එම තත්ත්වය ළමයින්ටත්, ගුරුවරුන්ටත්  දෙමව්පියන්ටත් අපහසුතාවය ඇති කරනවා. එවිට  තරග සහභාගිත්වය විශාල වශයෙන් අඩු වෙනවා. ප.ව 6.30 හෝ 7.00 ට තරගයක් ආරම්භ කළ විට ළමුන්ට ඇති පීඩාව අඩු වෙනවා” යයිද මෙම කුඩා මැරතන්  තරග රාත්‍රී කාලයේ පැවැත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක් වූ සුනිල්  ජයවීර මහතා පැවසීය. 

“දුවන්නත් පහසුයි. අත්හදා බැලීමක් ලෙස මෙම වසරේ ආරම්භ කිරීමට නියමිත  මෙම වැඩ පිළවෙල සාර්ථක වුවහොත් සෑම වසරකම එවැනි මිනි මැරතන් පවත්වනවා” යයිද ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය. 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගැලවුම්කාරයාණන්ගේ නැවත පැමිණීම...
2018-02-20 15:19:53
එක සංචාරයකි. තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය. තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  ...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
අසිත ප්‍රනාන්දුට විස්සයි20 වරම්?...
2018-02-17 19:05:53
බංග්ලාදේශයට එරෙහිව හෙට (18 වැනිදා) ශිලාත්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේදී දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්&zwj...