. දැල්පන්දු සම්මේලනය අර්බුදයක | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා
දැල්පන්දු සම්මේලනය අර්බුදයක
2017-06-18 21:14:25 | නාමල් පතිරගේ

නිලධාරී මණ්ඩලයේ නියමිත ගණ පූරණය නොමැතිව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව නිලධාරිනියන්ට නව පාලනය ඇරඹිය නොහැකි බවට අද (18) පැවති එහි මහ සභා රැස්මේදී විරෝධතා ඉදිරිපත් වූ බව වාර්තාවේ. ඒ නිසා පැය දෙකහමාරක් පමණ දක්වා ඇදී ගිය දැල්පන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම උණුසුම්කාරී මුහුණුවරකින් අවසන්වී තිබේ.

ලේකම් ධුරයෙන් ඉවත්වූ චම්පා ගුණවර්ධන මෙනෙවිය ඇතුළු දර්ශනී කොඩිකාර, ඔලිවියා ගමගේ, යමුනා සඳමාලි, පී.ඩී. ප්‍රසාදි, ශිරෝමි කුරුප්පු යන මහත්මීන් එහිදී දැඩි ලෙස අදහස් දක්වමින් කියා ඇත්තේ නිලධාරිනියන් දෙදෙනෙකුගෙන් දැල්පන්දු සම්මේලනයේ පරිපාලන කටයුතු මෙහෙයවිය නොහැකි බවයි.

දැල්පන්දු සම්මේලනයේ රෙගුලාසි අනුව ඒ සඳහා අවම වශයෙන් නිලධාරිනියන් පස් දෙනෙකුගේ ගණපූර්ණයක් සම්පූර්ණ කළ යුතු බවයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනිය ලෙස ටි්‍රක්‍ෂි නානායක්කාර මහත්මියත් ප්‍රධාන ලේකම් ධුරයට ජයන්ති සෝමසේකරම්ද සිල්වා මහත්මියත් නිතරඟයෙන් පත්වී සිටිති.

උපලේකම් ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර සිටි තනුජා දිසානායක මහත්මියට එරෙහිව ඊයේ මහ සභාවට ඉදිරිපත් වූ විරෝධතාවයකින් කියැවුණේ ඇය දැල්පන්දු පුහුණුකාරිනියක් ලෙස කටයුතු කරන බැවින් ඇයට දැල්පන්දු සම්මේලනයේ තනතුරු දැරිය නොහැකි බවයි. එහෙත් ඊට එරෙහිව ප්‍රතිවිරෝධතා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ නිලවරණ කමිටුව විරෝධතා විභාග කළ දිනයේදී එවැනි විරෝධතාවයක් තිබේ නම් ඉදිරිපත් කළ යුතුව තිබූ බවත් එසේ නොමැතිව මහ සභාවේදී ඒ සඳහා විරෝධතා ගොනු කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බවය.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව රෙගුලාසිවලට අනුව එහි නිලධාරී මණ්ඩලය ධුර හයකට පමණක් සීමාවී තිබේ. ඒ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන ප්‍රධාන ධුර හැරෙන්නට ඒවායෙහි උප ධුර තුනය.

කෙසේ වුවත් ඊයේ මහ සභාවේදී අදහස් දක්වා තිබෙන දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනි ට්‍රික්‍ෂි නානායක්කාර මහත්මිය ඉදිරිපත්වූ විරෝධතා පිළිබඳව තමන්ට දිගින් දිගටම අදහස් දැක්වීමට කාල වේලාවක් නොවන බව ප්‍රකාශ කර තිබේ. ඊයේ දහවල් ආරම්භ වූ ජාතික කනිෂ්ඨ දැල්පන්දු සංචිතයේ තේරීම් පැවැත්වෙන ස්ථානයට තමාට යාමට සිදුව තිබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ඇය මහ සභාවේ කටයුතු අවසන් කරමින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

මේ අතර යැස්මින් ධර්මරත්න මහත්මියගේ සහභාගිත්වයෙන් යුත් නිලවරණ මෙහෙයුම් කමිටුව (ඊයේ දැල්පන්දු සම්මේලනයේ නිලවරණයන් ගැන නැගුණු කරුණු සම්බන්යෙන් වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව ඇතැයි වාර්තාවේ. දැල්පන්දු සම්මේලනයේ දැනට හිස්ව පවතින තනතුරු පිරවීම හා නිලවරණයේදී පැන නැගුණු විරෝධතා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය අවසන් තීරණයක් ගැනීම සඳහා එම වාර්තාව පදනම් කර ගනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

දැල්පන්දු සම්මේලනයේ මෙදා නිලවරණයේදී තනතුරු කීපයක් හිස්වූයේ ඒ සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා ක්‍රීඩා රෙගුලාසිවලට අනුව ප්‍රතික්ෂේප වීම නිසාය. ඒ අතර උප සභාපති ධුරයට නාමයෝජනා බාර දුන් ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මියගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමක් නොව ඇය විසින් එය ඉල්ලා අස්කර ගැනීමක් බවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කර තිබූ ලිපියකින් කියවුණි.

ලේකම් ධුරයට යළිත් ඉදිරිපත්වූ චම්පා ගුණවර්ධන මෙනෙවියගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වූයේ 2013 - 15 සම්මේලන නිල කාලයේ විගණන වාර්තාව අනුමත නොවූ නිලධාරි මණ්ඩලයක ඇය කටයුතු කළ නිසා බව ප්‍රකාශ විය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...