. යුද හමුදාවට 15-0 ක ජයක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 24 වැනි සෙනසුරාදා
යුද හමුදාවට 15-0 ක ජයක්
2017-06-18 21:16:58 | ශානුක අරවින්ද

ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ මෙම සති අන්තයේ පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයකදී ආසියානු බේස්බෝල් සමාජය පරදවා ලකුණු 15-0 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. ඉහළ ලකුණු පරතරයක් රඳවාගැනීම හේතුවෙන් ඉනිම් 5 ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එම තරගය නතර කෙරණි.

සෙනසුරාදා (17 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තවත් තරගකදී ආදි ආනන්දීය ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ආදි රාජකීය ක්‍රීඩා සමාජය සමත් විය.

ඉරිදා (18 වැනිදා) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරග වලදී නාවික හමුදාව හමුවේ ආදි නාලන්දීය ක්‍රීඩා සමාජයත්, රණබිම රාජකීය ක්‍රීඩා සමාජය හමුවේ කැලණිය විශ්ව විද්‍යාලයත් පරාජයට පත් විය.

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

තරගාවලියේ මූලික වටයේ තරගමේ මස 25 වැනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකදීම පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග ජූලි මස 1 වැනිදාත්, අවසන් මහ තරගය ජූලි මස 2 වැනිදාත් පැවැත්වීමට නියමිතය.


සෙනසුරාදා (17 වැනිදා) පැවැති තරග

■    ආදි රාජකීය ක්‍රීඩා සමාජය විසින් ලකුණු 9-6 ක් ලෙස ආදි ආනන්දීය ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (ඉනිම් 9 යි)
■    යුද හමුදාව විසින් ලකුණු 15-0 ක් ලෙස ආසියානු බේස්බෝල් සමාජය පරාජය කරන ලදි. (ඉනිම් 5 යි)


ඉරිදා (18 වැනිදා) පැවැති තරග

■    නාවික හමුදාව විසින් ලකුණු 12-0 ක් ලෙස ආදි නාලන්දීය ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. (ඉනිම් 8 යි)
■    රණබිම රාජකීය ක්‍රීඩා සමාජය විසින් ලකුණු 18-3 ක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය පරාජය කරන ලදි. (ඉනිම් 7 යි)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...
ගැලවුම්කාරයාණන්ගේ නැවත පැමිණීම...
2018-02-20 15:19:53
එක සංචාරයකි. තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය. තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  ...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
අසිත ප්‍රනාන්දුට විස්සයි20 වරම්?...
2018-02-17 19:05:53
බංග්ලාදේශයට එරෙහිව හෙට (18 වැනිදා) ශිලාත්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේදී දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්&zwj...