. කෘස්පුල්ලේ 200,000 සීමාව පසුකරයි | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 14 වැනි බ‍්‍රහස්පතින්දා
කෘස්පුල්ලේ 200,000 සීමාව පසුකරයි
2017-06-19 15:51:06 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරග ඉතිහාසයේ ඡන්ද 200,000 සීමාව පසුකර ගිය පළමු ක්‍රීඩකයා බවට පත්වීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. 

තරගයේ 23 වැනි සතිය නිමාවන විටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලසිත්, මේ වන විට ලබාගෙන ඇති මුලු ඡන්ද සංඛ්‍යාව 208,071 ක් වන අතර ඊට ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 11,042 ද ඇතුළත් වේ.   

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 140,418 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1964 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 58,575 සිට 67,653 ක් දක්වා වැඩි වී තිබේ. 

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 62,435 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගෙන ඇත්තේ ඡන්ද 228 ක් පමණි. 

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 4926 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මඳුරංග ඡන්ද 3522 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන විචර්ලි ජාත්‍යන්තර පාසලේ තාරික් හනීෆ් මේ වන විට ඡන්ද 522 ලබා සිටින අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 463 ක් ලබා සිටියි. 

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාස 2 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය. 

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 208,071
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  140,418
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  62,435
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,501
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9373
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  6925
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6415
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1838
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1702
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1412
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  4926
ප්‍රභාෂ් මඳුරංග  පාදුක්ක සිරි පියරතන විදුහල  3522
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  720
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  348
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 53
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  522
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   463

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 සිසිල් විජිත, 129එෆ්, අබන්විට, ගම්පහ 
2 ටී. සෙනෙවිරත්න, 99, නව පාර, කොට්ටාව, පන්නිපිටිය 
3 ලාල් විජේකුලසූරිය, 8ඒ, මල් පාර, කොළඹ 7 
4 ඩබ්ලිව්. ද සිල්වා, 320/10/1, රත්නරම පාර, හෝකන්දර උතුර 

-036 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...