. ශූරතාව කඹුරුපිටිය මැදි විදුහලට | කෙළිමඬල
2017 අගෝස්තු මස 19 වැනි සෙනසුරාදා
ශූරතාව කඹුරුපිටිය මැදි විදුහලට
2017-06-19 16:00:34 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ 44 වැනි ‘එල්. වී. ජයවීර’ අනුස්මරණ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කඹුරුපිටිය මැදි විදුහල සමත් විය. එහි අනු ශූරතාව යාපනය විද්‍යානන්ද විදුහලට හිමිවිය. රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කමක් දිනාගනිමින් කඹුරුපිටිය මැදි විදුහල තරගාවලියේ ශූරතාවට හිමිකම් කී අතර යාපනය විද්‍යානන්ද විදුහල අනු ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනාගනිමිනි. 

මහනුවර විද්‍යාර්ථ විදුහලද රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනාගත් නමුත් හිමිකරගත් ලෝකඩ පදක්කම් සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමිවූයේ තරගාවලියේ තෙවැනි ස්ථානයයි. 

අවුරුදු 13-14, 15-16 සහ 17-18 ලෙස වයස් කාණ්ඩ 3 ක් යටතේ මෙම තරගාවලියේදී තරග පැවැති අතර එහිදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබාගත්හ. 

අවුරුදු 15-16 වයස් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 44-46 බර පන්තියෙන් තරග වැදුණ මහනුවර විද්‍යාර්ථ විදුහලේ ජී. ඩී. අයි. හංසජ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. අවුරුදු 13-14 වයස් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 41-43 බර පන්තියෙන් තරග වැදුණ කොළඹ රාජකීය විදුහලේ කේ. සත්සර දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය. 

දින 5 ක් පුරා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් 45 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 220 සහභාගි වූහ. 

අවුරුදු 13-14 තරග ප්‍රතිඵල 

කිලෝ ග්‍රෑම් 33-35 බර පන්තිය 
ජේ. ඒ. ඩී. රත්නායක (පල්ලේබෝවල ජාතික පාසල) විසින් එම්. සී. එම්. සිල්වා (කොළඹ මහානාම විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 35-37 බර පන්තිය 
ආර්. අයි. ඒ. සිල්වා (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය) විසින් අයි. ඩී. ජී. මධුසංක (ඉංගිරිය ගාමිණී මැදි විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 37-39 බර පන්තිය 
කේ. ජී. ලක්ෂාන් (කඹුරුපිටිය මහ විදුහල) විසින් වයි. එම්. උසේන් (මහනුවර සුමංගල විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 39-41 බර පන්තිය 
කේ. එම්. කැකුලන්දර (පල්ලේබෝවල ජාතික පාසල) විසින් එන්. අයි. රත්නායක (කඹුරුපිටිය මහ විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 41-43 බර පන්තිය 
ආර්. ජී. කේ. විශ්ව (කඹුරුපිටිය මහ විදුහල) විසින් කේ. සත්සර (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 43-45 බර පන්තිය 
අයි. බී. වීරවර්ධන (ඉංගිරිය ගාමිණී මැදි විදුහල) විසින් ඒ. තමිලරසන් (මුතුයියන්කාඩු විදුහල) පරාජය කරන ලදි. 

අවුරුදු 15-16 තරග ප්‍රතිඵල 

කිලෝ ග්‍රෑම් 44-46 බර පන්තිය 
ජී. ඩී. අයි. හංසජ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් එල්. සිවුආරු දිසානායක (මහනුවර ත්‍රිත්ව විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 46-48 බර පන්තිය 
එල්. ඩී. ලියනගේ (පේරාදෙණිය සරසවි උයන මහ විදුහල) විසින් එන්. එම්. නවරත්න (පිළිමතලාව දීරානන්ද මහ විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 48-50 බර පන්තිය 
එම්. ජී. යූ. වාතියගේ (කඹුරුපිටිය මහ විදුහල) විසින් කේ. පී. රාජපක්ෂ (පිළිමතලාව දීරානන්ද මහ විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 50-52 බර පන්තිය 
ආර්. ඒ. රණතුංග (මහනුවර ධර්මරාජ විදුහල) විසින් එස්. විමල්ෂාන්  (යාපනය විද්‍යානන්ද විදුහල) පරාජය කරන ලදි. 

 කිලෝ ග්‍රෑම් 52-54 බර පන්තිය 
ඩී. සී. බුලත්ගම (කොළඹ මහානාම විදුහල) විසින් එම්. දිල්ෂාන් (අලම්පිල් මහ විදුහල) පරාජය කරන ලදි. 

අවුරුදු 17-18 තරග ප්‍රතිඵල 

කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තිය 

ඩී. ජී. දෙණියායගේ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් පී. ඩබ්ලිව්. වත්තලදෙණිය (මහනුවර සුමංගල විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 49-52 බර පන්තිය 
එස්. යොහාන් (මහනුවර ත්‍රිත්ව විදුහල) විසින් එම්. සමින්ජ්සන්  (වවුනියාව දමිල මහ විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 52-56 බර පන්තිය 
එම්. තනුජන් (යාපනය විද්‍යානන්ද විදුහල) විසින් එම්. එම්. ප්‍රේමනායක (රත්නපුර සීවලී මැදි විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 56-60 බර පන්තිය 
කේ. එස්. ආර්. නයනන්ද (කඩුගන්නාව මහ විදුහල) විසින් එච්. ඩී. ආර්. ජයතුංග (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 60-64 බර පන්තිය 
වයි. කිරිතරන් (යාපනය විද්‍යානන්ද විදුහල) විසින් ඒ. ජී. ටී. සහිර (නුගවෙල මැදි විදුහල) පරාජය කරන ලදි. 

 ශූරතාව දිනාගත් කඹුරුපිටිය මැදි විදුහල් කණ්ඩායම 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස (පළමු කොටස ඊයේ පත්‍රයේ පළවිය) ප්‍රශ්නය - මේ වන විට ති...