. ඔලිම්පික් සැමරුම් දින ධාවනය අම්පාරේදී | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 20 වැනි සිකුරාදා
ඔලිම්පික් සැමරුම් දින ධාවනය අම්පාරේදී
2017-06-19 18:07:38 | සුසිල් ප්‍රේමලාල්

ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් මාර්ග ධාවන තරගය මෙම ජුනි 23 දා අම්පාර නගරය ආශ්‍රිතව පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විධි විධාන යොදා ඇත. මෙම ඔලිම්පික් මාර්ග ධාවන තරගයට අම්පාර දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් 20 කින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 ක් පමණ  සහභාගීවීමට නියමිතය.

මාර්ග ධාවනයට සමගාමීව එදින ඔලිම්පික් සංස්කෘතික වැඩ සටහනක් සහ ක්‍රීඩා පුහුණු වැඩමුළුවක් ද පැවැත්වීමට විධි විධාන යොදා ඇත. මෙම වැඩසටහන් දෙකට සහභාගීවන පිරිසට සහ ඔලිම්පික් මාර්ග ධාවන තරගයට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාගේ අත්සනින් සහතික පත්‍රයක් පිරිනැමේ.

ඔලිම්පික් සැමරුම් මාර්ග ධාවන තරගයක් අම්පාරේ පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...