. තරගයක් දිනුවොත් මිලියන 3 ක් | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා
තරගයක් දිනුවොත් මිලියන 3 ක්
2017-06-19 19:45:21 | .

එංගලන්තයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මූලික වටයේ තරගයක් ජයගතහොත් රුපියල් 3,000,000 ක් (මිලියන 3 ක්) දිනාගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රදානයකි. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී මූලික වටයේ තරග 7 කට සහභාගි වන බැවින් එම තරග 7 න්ම ජය ලැබුවහොත් රුපියල් 21,000,000 (මිලියන 21 ක්) දිනාගැනීමටද අවස්ථාව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනයට අනුව තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වන කණ්ඩායම් 4 ට ඇමරිකානු ඩොලර් 30,000 ක් (රුපියල් 4,590,000) බැගින් පිරිනැමේ. අවසන් පූර්ව වටයේදී ඉවත් වන කණ්ඩායම් දෙකට ඇමරිකානු ඩොලර් 165,000 ක් (රුපියල් 25,245,000) බැගින් පිරිනැමේ.

මෙවර තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 660,000 ක්ද, අනුශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 330,000 ක්ද පිරිනැමෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. ඒ අනුව ලෝක ශූරියන්ට හිමිවන මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100 ඉක්මවයි. එහි නියමිත අගය රුපියල් 100,980,000 කි.

අනුශුරියන්ට හිමිවන මුදල රුපියල් මිලියන 50 ඉක්මවන අතර එහි නියමිත අගය රුපියල් 50,490,000 කි.

පිරිමි ක්‍රිකට් තරග වලට සාපේක්‍ෂව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් මුදල් ත්‍යාග වැඩිකිරීමට පියවර ගත් බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව සඳහන් කරයි. මෙවර කණ්ඩායම් අතර බෙදාදෙන මුලු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් වන අතර එය 2013 වසරේදී පිරිනැමූ මුලු ත්‍යාග මුදල මෙන් 10 ගුණයකි.

මේ වන විට කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර පහළම ශ්‍රේණිගත ස්ථානයට හිමිකම් කියන කණ්ඩායමයි.


ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග

■    ජූනි මස 24 වැනිදා - නවසීලන්තයට එරෙහිව බ්‍රිස්ටල්හිදී
■    ජූනි මස 29 වැනිදා - ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්ටල්හිදී
■    ජූලි මස 2 වැනිදා - එංගලන්තයට එරෙහිව ටෝන්ටන්හිදී
■    ජූලි මස 5 වැනිදා - ඉන්දියාවට එරෙහිව ඩර්බිහිදී
■    ජූලි මස 9 වැනිදා - බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඩර්බිහිදී
■    ජූලි මස 12 වැනිදා - දකුණු අප්‍රිකාවට එරෙහිව ටෝන්ටන්හිදී
■    ජූලි මස 15 වැනිදා - පාකිස්තානයට එරෙහිව ලෙස්ටර්ෂයර්හිදී

 

- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...