. කෲස්පුල්ලේ පරතරය වැඩිකරගනී | කෙළිමඬල
2018 පෙබරවාරි මස 24 වැනි සෙනසුරාදා
කෲස්පුල්ලේ පරතරය වැඩිකරගනී
2017-06-25 20:00:20 | .

‘ඩයලොග් 4G - සන්ඩේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ අවසන් සතිය ආරම්භ වන විට තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිය ආධිපත්‍යය පැතිරවීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 14,912 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 222,983 කි.

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 142,054 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1641 කි. ඒ අනුව ලසිත් සහ නවිඳු අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 67,653 සිට 80,929 ක් දක්වා වැඩි වී තිබේ.

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 62,435 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී එකම ඡන්දයක් හෝ ලබාගැනීමට ඔහු අපොහොසත් වී ඇත.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 5585 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මධුරංග ඡන්ද 4471 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන විචර්ලි ජාත්‍යන්තර පාසලේ තාරික් හනීෆ් මේ වන විට ඡන්ද 716 ලබා සිටින අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 517 ක් ලබා සිටියි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදී, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත් වලද, සන්ඬේ ටයිම්ස් සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මස 2 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘www.dialog.lk/cricket’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 222,983
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  142,054
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  62,435
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,506
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9388
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  7069
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6416
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1843
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1818
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1438
නැගී එන පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  5585
ප්‍රභාෂ් මඳුරංග  පාදුක්ක සිරි පියරතන විදුහල  4471
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  1061
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  447
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 53
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
අන්තර් ජාතික පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  716
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   517

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 වරුණ ජයසංක, නිමල් සෙවන, පහළ ඉඹුල්ගොඩ, ඉඹුල්ගොඩ, කිරිල්ලවල
2 ඩබ්ලිව්. පී. චතුරංග, 375, ගලගෙදර, පාදුක්ක
3 විහඟ පබසර, 95/1/2, පළමු වීදිය, බණ්ඩාරනායක පුර, ඉඳිගොල්ල, ගම්පහ
4 එම්. ජබිර්, 73/17, සරණංකර පෙදෙස, දෙහිවල


- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගැලවුම්කාරයාණන්ගේ නැවත පැමිණීම...
2018-02-20 15:19:53
එක සංචාරයකි. තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය. තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  ...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
අසිත ප්‍රනාන්දුට විස්සයි20 වරම්?...
2018-02-17 19:05:53
බංග්ලාදේශයට එරෙහිව හෙට (18 වැනිදා) ශිලාත්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේදී දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්&zwj...