. මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා
2017-06-26 21:20:54 | යොහාන් භාසුර


එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද (26) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ පිළිතුරු දීම නිසා මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසුමේදී මාලිංග දුරකථනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයකුට ලබාදුන් අතර එම නියෝජිතයා නැවත මාලිංගට සම්බන්ධ කළේය.

“මම ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද? මම දන්නේ නෑ. කොහොම වුණත් මාව සංචිතයෙන් ඉවත් කළ හොත් කිසිම ප්‍රශ්නයක් නෑ. බෑග් එක ගත්තා ගෙදර ගියා. ඒක තමයි මට කරන්න තියෙන්නේ” යැයි මාලිංග පැවසීය.

මාලිංග මාධ්‍යයට කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.   
    

 

ඔබේ ප්‍රතිචාර
රාවන්2017-06-27 02:11:06
බඩපිනුම් ගහන අය ක්‍රිකට් ගැන දන්නේ මොනවාද?
sashika2017-06-27 10:28:28
මාලිංග කෙලින් මිනිහෙක්.පාට මාරුකරන කටුස්සෝ වගේ නෙමෙයි.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...