. අනුරගෙන් පුළුල් පාපන්දු සැලැස්මක් | කෙළිමඬල
2017 ජූලි මස 22 වැනි සෙනසුරාදා
අනුරගෙන් පුළුල් පාපන්දු සැලැස්මක්
2017-06-28 18:13:32 | සුසිල් ප්‍රේමලාල්

සැමටම හැමතැනම පාපන්දු සංකල්පය යටතේ  වසර 2020 ඉලක්ක කොට ගෙන පුළුල් පාපන්දු සංවර්ධන සැලැස්මක් ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා ක්‍රියාත්මක කිරීමට තමා ප්‍රමුඛ  කණ්ඩායම සකස් කර ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2017 සභාපති ධූර අපේක්ෂකයෙකු වන හිටපු සභාපති අනුර ද සිල්වා මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර තරග නියෝජනය කළ පමණින් රටක පාපන්දු ක්‍රීඩාව දියුණු කළ නොහැකි  බව පෙන්වා  දෙන  අනුර ද සිල්වා  මහතා ගමේ පාපන්දු ක්‍රීඩාව, පාසලේ පාපන්දු ක්‍රීඩාව, ක්‍රීඩා සමාජයේ පාපන්දු ක්‍රීඩාව දියුණු වූ විට  නිරන්තරයෙන්ම  රටේ පන්දුව සංවර්ධනය වී ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කරා යා හැකි බව කියයි.

ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති  සහ ජාතික කණ්ඩායමේ නායකත්වය දරා ඇති අනුර ද සිල්වා මහතා මෙවර පාපන්දු හරහා තරග කිරීමට  ගත් තීරණය සහ ඔහුගේ පාර්ශවය හඳුන්වාදීම නිමිත්තෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී  ශ්‍රී ලංකා පාපන්දු ඉදිරි ගමන සම්බන්ධව ඉහත අදහස් පල කළේය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2017 නිලවරණය  ලබන ජූලි  1 දා පැවැත්වේ.

ගත වූ වසර දෙකක කාලයේ ද තමා පාපන්දු ක්‍රීඩාවේ  ඉදිරි ගමන සඳහා විශාල සංවර්ධන සැලැස්මක්  සකස් කර තිබූ නමුදු එය ක්‍රියාත්මක කිරීමට විවිධ බාධා ඇති වූ බව සිල්වා මහතා පැවසීය. එයට මූල්‍ය ප්‍රශ්න තදින් බලපෑ බවද ඔහු පැවසීය.

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අනුබද්ධ   ලීග 63 ක් ක්‍රියාත්මක වෙනවා. ඉන් ලීග 49ක සහයෝගය තමා ඇතුළු තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට දැනටමත් එකඟතාවය පල කර තිබෙනවා. ඒ අනුව අපේ  ජයග්‍රහණය ස්ථිර” යයි අනුර ද සිල්වා මහතා පැවසීය.

අනුර ද සිල්වා මහතා අනුව පාර්ශවය පාපන්දු ඉදිරි ගමන ඉලක්ක කර ගෙන පුළුල් සැලැස්මක් සකස් කර ඇති අතර එම සැලැසුම් කෙටියෙන් පහත දැක්වේ.
 

  • විධිමත් පරිපාලන ව්‍යුහයක් ඇති කිරීම.
  • වසර 2030 දක්වා ජාතික පාපන්දු ප්‍රතිපත්ති  ක්‍රියාත්මක කිරීම දින 100 ක් ඇතුළත එම ප්‍රතිපත්ති මාලාව පාපන්දු ව්‍යවස්ථාව සහ  රෙගුලාසි වලට අනුගත කිරීම.
  • මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ ශක්තිමත් කිරිම.
  • පාපන්දු ලීග නඩත්තුව සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීම.
  • පාපන්දු තොරතුරු ලබා ගැනීම සඳහා පාපන්දු මාධ්‍ය  මධ්‍යස්ථානයක් පිහිටුවීම.
  • වයස අවුරුදු 10-12 සීමාවේ ළමුන් සඳහා පුහුණු අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කර පාපන්දු  ක්‍රීඩාව කෙරෙහි ළමුන්, දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ අවධානය යොමු කිරීම.
  • ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය සංවිධානය සඳහා දායකත්වය ලබා දීම.
  • පුහුණු දැනුම වැඩි දියුණු කිරිම.
     

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ගුණරත්න වචනය තියයි...
2017-07-18 20:21:03
හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍...
දික්වැල්ල - අසේල අපරාජිත වාර්තාව රැකගනිති...
2017-07-18 17:00:18
අඩ සියවස් අඩක කාලයක් තිස්සේ සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග වලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් නිරෝ...
ශ්‍රී ලංකා පිල අසීරු ගමනක...
2017-07-15 17:00:17
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම මේ යයි කදිමට විද්‍යමාන කරමින් සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ටෙස්ට් ප...
රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි...
2017-07-17 21:07:55
සිම්බාබ්වේ පිල හමුවේ පීඩනයට නතුවී සිටියද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ජයගැනීමේ විශ්වාසයෙන් ශ්‍රී ල...