. ජිනරාජ බාලිකාවෝ 20 වැනි වරටත් ශූරියෝ | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
ජිනරාජ බාලිකාවෝ 20 වැනි වරටත් ශූරියෝ
2017-07-04 16:53:33 | ගම්පොළ සුරංග රාජනායක

විසිවැනි ශ්‍රී ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ බාලිකා ශූරතාව 20 වැනි වරටත් ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය විසින් දිනාගන්නා ලදී. තරගාවලියේ සියලු  ජයග්‍රහණ  ලබා ගැනීමට ද ගම්පොළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය දින 2ක් පුරා ගම්පොළ දි.මු. ජයරත්න සංස්කෘතික ශාලාවේ පැවැත්විණි. පාසල් 47ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400ක් පමණ මේ සඳහා සහභාගිවී සිටියහ.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලයේ නිපුන් පබසරත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අංකුඹුර පරාක්‍රම ජාතික පාසලේ ජේ.ජී.එච්.එම්. හේමන්තත් තේරී පත් වූහ. 

තරගාවලියේ අනුශූරතාව ගම්පොළ පන්විලතැන්න මහ විදුහල හිමිකරගත් අතර ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය. ලකුණු 22 1/2ක් ලබාගත් ගම්පොළ වික්‍රමබාහු මැදි විදුහල බාලක ශූරතාව දිනාගත් අතර අනුශූරතාව ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයට හිමි විය. වැවතැන්න මහා විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය.

මෙම තරගාවලිය ඇරඹූදා සිට නොකඩවා එහි බාලිකා ශූරතාව රැක ගැනීමට ජිනරාජ බාලිකා විද්‍යාලය සමත්වීම ජූඩෝ ඉතිහාසයේ වර්තාවකි. මෙම විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක වශයෙන් ඉනෝකා වික්‍රමගේ මහත්මිය කටයුතු කරන අතර බාහිර පුහුණුකරු ලෙස ප්‍රවීණ ක්‍රීඩා උපදේශක නාමල් රාජසිංහ මහතා කටයුතු කරයි. විදුහල්පතිනි ජී.ජී. පුෂ්පකාන්ති මහත්මියගේ කැපවීම මෙම ශූරතාව රැක ගැනීමට හේතුවී තිබේ.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් කීර්ති, නෙස්ලේ ආයතනයේ නියෝජ්‍ය කළමණාකාර ජේසන් ප්‍රනාන්දු, විශේෂඥ වෛද්‍ය රජිව දසනායක, වෛද්‍ය අසංක වැලිකල යන මහත්වරු සහභාගිවී සිටියහ.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...