. වැළමිටි පහරකින් ශූරයන් දෙදෙනකුගේ ගමන නවතී | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
වැළමිටි පහරකින් ශූරයන් දෙදෙනකුගේ ගමන නවතී
2017-07-05 18:27:48 | .

උරහිසේ අස්ථියක් බිඳීයෑම නිසා මහා බ්‍රිතාන්‍යයේ වේගවත්ම පාපැදි ක්‍රීඩකයා වන මාර්ක් කැවෙන්ඩිෂ්ට මෙවර ප්‍රංශ පාපැදි සවාරියෙන් ඉවත්වීමට සිදුව තිබේ. සිවුවැනි අදියරේ අවසානය පෙනි පෙනී තිබියදී ධාවන පථය මත ඇද වැටීම නිසා ආබාධයකට ලක්වීමෙන්  ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

තෙවැනි අදියර ජයගත් ස්ලෝවැකියාවේ පීටර් සැගන් සිය වැලමිටෙන් පහරදීම නිසා කැවෙන්ඩිෂ් ධාවන පථය මත ඇද වැටී ඇති බව වාර්තා වේ. විටෙල් නගරයේ තරග නිමාව ආසන්නයේදී මෙම අනතුරට ලක්වීමත් සමග කැවෙන්ඩිෂ් රෝහල්ගත කිරීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. ඊයේ (4 වැනිදා) පස්වරුවේ කැවෙන්ඩිෂ් නියෝනය කරන ඩිමෙන්ෂන් ඩාටා කණ්ඩායම ඔහු උරමාවක් පැලඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබූ අයුරු දැකගත හැකි විය.

මේ අතර විනය විරෝධී ක්‍රියා කලාපය හේතුවෙන් ලෝක පාපැදි ශූරයා වන ශූර පීටර් සැගන් තරගාවලියෙන් ඉවත් කිරීමට සංවිධායකයන් තීරණය කළද ඇති අතර සැගන් නියෝජනය කරන බෝරා කණ්ඩායම ඔහු වෙනුවෙන් සංවිධායකන් වෙත අභියාචනාවක් යොමු කර ඇති බව වාර්තා වේ. අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද පීටර් සැගන්ද තරගාවලියෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍යය කියයි.


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...