. ලසිත් කෘස්පුල්ලේ ජය කණුව අභියස | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා
ලසිත් කෘස්පුල්ලේ ජය කණුව අභියස
2017-07-06 15:19:13 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ තරගයේ අවසන් සතිය ආරම්භ වන විට තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිය ආධිපත්‍යය පැතිරවීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 14,293 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 237,276 කි.

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 143,141 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1087 කි. ඒ අනුව ලසිත් සහ නවිඳු අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 80,929 සිට 94,135 ක් දක්වා වැඩි වී තිබේ.

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 62,608 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 173 ක් පමණි.  

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 6351 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මඳුරංග ඡන්ද 4613 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන විචර්ලි ජාත්‍යන්තර පාසලේ තාරික් හනීෆ් මේ වන විට ඡන්ද 817 ලබා සිටින අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 526 ක් ලබා සිටියි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාස 6 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ටwww.dialog.lk/cricket ’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 237,276
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  143,141
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  62,608
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,511
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9397
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  7351
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6417
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1941
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1848
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1447
නැගී එන පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  6351
ප්‍රභාෂ් මඳුරංග  පාදුක්ක සිරි පියරතන විදුහල  4613
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  1099
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  457
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 55
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
අන්තර් ජාතික පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  817
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   526

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 යොගේෂ් ෆොන්සේකා, 78/3, පෙතියාගොඩ, ගම්පහ
2 එච්. ඩී. පී. කිත්සිරි, 384/ඊ, ජය මාවත, පොල්පිතිමූකලාන, කඳාන
3 මධුෂානි ප්‍රනාන්දු, 62, පුෂ්පාරාම පාර, පොතුපිටිය, වාද්දුව
4 සංජය ප්‍රසන්න ජයවික්‍රම, ‘සඳරුවන්’, වැවුලගල, බද්දේගම


- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...