. වෑවලවැව මහ විදුහල ශූරතාව දිනයි | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
වෑවලවැව මහ විදුහල ශූරතාව දිනයි
2017-07-07 13:39:02 | ශානුක අරවින්ද

ගාල්ල මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා වයස 14 න් පහළ බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වෑවලවැව මහ විදුහල සමත් විය.

අවසන් මහ තරගයේදී ලකුණු 10-7 ක් ලෙස ගාල්ල මහින්ද විදුහල පරාජය කරමින් වෑවලවැව මහ විදුහල එම ශූරතාවට හිමිකම් කී අතර එම තරගය ඉනිම 7 ක් පුරා ක්‍රියාත්මක විය. 

මූලික වටයේ තරගවලදී කොළඹ නාලන්දා විදුහල ලකුණු 13-4 ක් ලෙසද, ගාල්ල රිච්මන්ඞ් විදුහල ලකුණු 8-3 ක් ලෙසද වෑවලවැව විදුහල හමුවේ පරාජයට පත්විය. 

ඉහළ කාණ්ඩයේ අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් අනතුරුව මහින්ද විදුහල ලකුණු 7-6 ක් ලෙස පරාජය කරමින් වෑවලවැව විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

ඉහළ කාණ්ඩයේ අවසන් පූර්ව වටයේදී වෑවලවැව විදුහල හමුවේ පරාජයට පත්වීම නිසා මහින්ද විදුහලට පහළ කාණ්ඩයේ අවසන් පූර්ව තරයේදී රණබිම රාජකීය විදුහලට එරෙහිව තරග වැදීමට සිදුවිය. එම තරගයේදී රණබිම රාජකීය විදුහල පරාජය කරමින් මහින්ද විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. 

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස වෑවලවැව මහ විදුහලේ අවිශ්ක බණ්ඩාර සම්මාන දිනාගත් අතර දක්ෂතම පන්දු රකින්නා ලෙස එම විදුහලේම ඉදුනිල් සඳරුවන් සම්මාන දිනාගත්තේය. 

ගාල්ල මහින්ද විදුහලේ අකිර භාෂ්වර සහ ඩී. එල්. එස්. වික්‍රමරත්න පිළිවෙලින් දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පිතිකරුවා ලෙසත්, රණබිම රාජකීය විදුහලේ තාරක මධුෂාන් දක්ෂතම පසුපස පන්දු රකින්නා ලෙසත් සම්මාන ලැබූහ. 

වෑවලවැව මහ විද්‍යාලයේ බේස්බෝල් ක්‍රීඩාව ආරම්භ කර ඇත්තේ 2014 වර්ෂයේදී වන අතර එතැන් සිට මේ දක්වා බේස්බෝල් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට එම විදුහල සමත්ව තිබේ. 

2014 වසරේ සිට මේ දක්වා (2017) පිට පිට සිවුවරක් වෑවලවැව මහ විදුහල මෙම වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගෙන තිබේ. වෑවලවැව මහ විදුහලේ බේස්බෝල් පුහුණුකරු ලෙස එස්. යූ. ජයරත්න මහතා කටයුතු කරන අතර කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙස ආර්. ඩී. බී. බණ්ඩාර මහතා කටයුතු කරයි. 

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...