. අංක 1 ටෙස්ට් පිල දෙසතියකින් ශ්‍රී ලංකාවේ | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
අංක 1 ටෙස්ට් පිල දෙසතියකින් ශ්‍රී ලංකාවේ
2017-07-08 18:32:42 | දමින්ද විජේසූරිය

ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාව සහ හත්වැනි ස්ථානය හිමි ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ මස 26 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදීද තුන්වැනි තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මාස 13 ක් ඇතුළතදී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 හිමි කණ්ඩායමට මුහුණ දෙන දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය වසරේදී ඕස්ටේ්‍රලියානු පිල ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු පිලද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 1 වැනි ස්ථානයේ සිටියේය. එම ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිල පරදවා 3-0 ක තරගාවලි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ටෙස්ට් තරගාවලියට අමතරව එක්දින තරග 5 කට සහ විස්සයි 20 තරගයකටද ඉන්දීය පිල සහභාගි වේ. පළමු එක්දින තරගය දඹුල්ලේදීද ඉතිරි තරග පල්ලෙකැළේදී සහ කොළඹදී පැවැත්වේ. පසුගිය මාසයේ එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ලකුණු 322 ක් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා පිල එම තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලියේදී (ශ්‍රී ලංකාවේදී) ඉන්දීය පිල 2-1 ක තරගාවලි ජයක් ලබාගත්තේය.


තරග කාල සටහන
■    ජූලි 26 - 30 : පළමු ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී
■    අගෝස්තු 3 - 7 : දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී
■    අගෝස්තු 12 - 16 : තුන්වැනි ටෙස්ට් තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී
■    අගෝස්තු 20 - පළමු එක්දින තරගය දඹුල්ලේදී
■    අගෝස්තු 24 - දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
■    අගෝස්තු 27 - තුන්වැනි එක්දින තරගය පල්ලෙකැළේදී
■    අගෝස්තු 31 - සිවුවැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■    සැප්තැම්බර් 3 - පස්වැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■    සැප්තැම්බර් 6 - විස්සයි-20 තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...