. ශ්‍රී ලංකාවට තරගාවලිය අහිමි වෙයි | කෙළිමඬල
2018 ජූලි මස 15 වැනි ඉරිදා
ශ්‍රී ලංකාවට තරගාවලිය අහිමි වෙයි
2017-07-09 21:16:12 | යොහාන් භාසුර

ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී මේ මස 22 වැනිදා ආරම්භ වන ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාව ප්‍රමාද වී අයැදුම්පත යොමු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම තරගාවලිය අහිමිවී ඇති බව වාර්තා වේ.

මිශ්‍ර කණ්ඩායම් තරගාවලියක් වන මෙම තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම පසුගිය ජූනි මස 20 වැනිදා අවසන් වී ඇති නමුත් ශ්‍රී ලංකාව අයැදුම්පත යොමු කර ඇත්තේ නියමිත දිනට පසුව බව වාර්තා වේ.

මෙම තරගාවලිය පිළිබඳව අසියානු බැඩ්මින්ටන් සංගමයෙන් අයැදුම්පත් කැඳවීම අවසන් කිරීමට මාසයකට පමණ පෙර පිටු නවයකින් යුත් විස්තර ඇතුළත් ලිපියක් යොමුකර තිබුණද එය බැඞ්මින්ටන් පාලකයන්ට මඟ හැරී ඇති බවට තතු දන්නෝ චෝදනා කරති.

මෙම තරගාවලියට සහභාගි වන රටකට සහන මිලට ගුවන් ප්‍රවේශපත්, හෝටල් කාමර තුනක් දින නවයකට නොමිලයේ සපයන බව ආසියානු බැඞ්මින්ටන් සංගමය එම ලිපියේ සඳහන් කර ඇති බවද වාර්තා වේ.

බැඩ්මින්ටන් බලධාරීන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ආසියානු බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් අහිමිවී තිබේ.  බලධාරීන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් කනිෂ්ඨ බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි අපහසුතාවට සහ අසාධාරණයකට පත්ව සිටිති.  

මෙම තරගාවලියේ කුසපත් ඇදීමට රටවල් 18 ක් ඇතුළත්ව සිටින අතර එයට ශ්‍රී ලංකාව ඇතුළතව නැත.
ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැර මේ වන විට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බැඩ්මින්ටන් පාලනය පවත්වාගෙන යයි.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...