. යොවුන් කණ්ඩායමේ බලාපොරොත්තු බිඳවැටෙයි | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
යොවුන් කණ්ඩායමේ බලාපොරොත්තු බිඳවැටෙයි
2017-07-09 21:03:32 | නාමල් පතිරගේ

උතුරු අයර්ලන්තයට හා ස්කොට්ලන්තයට එරෙහිව මූලික වටයේ තරග දෙකකදී පරාජයට පත් වූ ශ්‍රී ලංකාව බොට්ස්වානාහිදී ඊයේ (8) ආරම්භ වූ අටවැනි ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේ දෙවනි වටයට පිවිසීමේ අවස්ථාව ඒ වන විටත් නැතිකරගෙන තිබුණි.

තරගාවලිය ආරම්භයේදීම විශ්වාසය බිඳ වැටුණු කණ්ඩායමක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) පැවති මූලික වටයේ දෙවැනි තරගයේදී උතුරු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 56 - 43 කින් පරාජයට පත් විය. පෙරේදා තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී ස්කොට්ලන්තයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය වූයේ ලකුණු 69 - 48 කටය.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේදී ජයග්‍රාහනයන් පිළිබඳව වඩාත් විශ්වාසය පළකර සිටි තරග දෙකෙන්ම පරාජයට පත්වීම වඩාත්ම කනගාටුදායක සිදුවීම වන්නේය.

අනිද්දා (11) ශ්‍රී ලංකාව තවත් තරගයට සැමෝවා රාජ්‍යයට එරෙහිවත් බදාදා (12) නවසීලන්තයට එරෙහිවත් මූලික වටයේ තවත් තරග දෙකකට සහභාගිවීමට නියමිතය. කෙසේවුවත් ශ්‍රී ලංකාවට එම තරග දෙකේ දී ජයග්‍රාහණය පිළිබඳව ඇත්තේ ඉතා අල්ප විශ්වාසයකි. එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට මූලික වටය අවසානයේ දී සිදුවන්නේ ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට පමණි.

උතුරු අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ තෙවැනි වටය අයර්ලන්ත ක්‍රීඩිකාවන් හා සම ලකුණු තත්ත්වයයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

බොට්ස්වානාහි ගැබෝන් නුවර දී දැන් පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවලියට සහභාගි වී සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකාරිණියන් දෙදෙනෙකුගේ සේවය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාව ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේ දී මුල්පෙළේ ජයග්‍රහණයන් අපේක්‍ෂා නොකළත් ශ්‍රේණිගත කිරීමේ තරග වටයේදී හෝ එක් තරගයක් හෝ ජය ගැනීමට අපොහොසත් වුවහොත් එය ඔවුන්ගේ දැල්පන්දු ක්‍රීඩාවේ වත්මන් කඩා වැටීම මැනවින් කියාපාන්නක් බව දැල්පන්දු ප්‍රවීනයන් බහුතරයකගේ අදහසයි.

කොරියාවේ දී පැවති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය දක්වා ඇද වැටීමෙන්ද එය වඩාත් පැහැදිලි වූ බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර බොට්ස්වානාහිදී දැන් පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ දී ආසියානු ශූරියන් වන සිංගප්පූරුව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවති තරගයක දී  වත්මන් ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාව හමුවේ සිංගප්පූරුව පරජය වූයේ ලකුණු 61-08 ක් පරිදිය. තවත් තරගයක දී ආසියානු අනුශූරියන් වන මැලේසියාව සත්කාරක බොස්ට්වානා රාජ්‍යයට පරාජය වූයේ ලකුණු 72-26 ක් පරිදිය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...