. ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපයේ | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 24 වැනි ඉරිදා
ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපයේ
2017-07-11 13:59:00 | රොෂාන් ගුණරත්න

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම  එක්දින ශ්‍රේණිගත කිරීම්හී ප්‍රසාද ලකුණු 5 ක් අහිමිකර ගනිමින් අතිශය අවදානම් කලාපයකට ඇද වැටී තිබේ.

තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 93 ක් හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා පිල සතුව දැනට ඇත්තේ ප්‍රසාද ලකුණු 88 ක් පමණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත ස්ථානයට බලපෑමක් ඇති නොවූයේ තරගාවලිය ආරම්භ වන විට 9 වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල ප්‍රසාද ලකුණු 15 ක් ඈතින් සිටි බැවිනි. 

වත්මන් තත්ත්වයේ ඇති බරපතළකම වන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන් සුදුසුකම් ලබාගැනීමට නම් මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 8 දෙනා අතර ස්ථානයක් රැකගත යුතු වීමයි. 

සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර එක්දින තරග පහක් පැවැත්විමට නියමිතව ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එංගලන්තය සමගින් එක්දින තරග පහක්ද සහ අයර්ලන්තය සමගින් එක්දින තරගයක් පැවැත්විමට නියමිතව ඇත.

යම් හෙයකින් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉදිරියෙන් සිටින එංගලන්තයට එරෙහිව විශාල ජයක් ලබාගැනීමට කොදෙව් පිල සමත් වූවහොත් දැනට ලබා සිටින ප්‍රසාද ලකුණු 78 ට තවත් ලකුණු එකතු කරගැනීමේ අවස්ථාව කොදෙව් පිලට තිබේ. 

ශූරයන්ගේ කුසලාන තරගාවලිය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් “සිම්බාබ්වේ පිලට එරෙහිව තරගාවලිය 5-0 ක් ලෙසින් දිනලා ඊට පස්සේ ඉන්දියාවත් එක්ක තියෙන තරගාවලිය ජයගත්තොත් අපට හිතේ බයක් නැතිව ඉන්න පුළුවන්..” යයි අසංක ගුරුසිංහ මහතා පැවසුවද, නොසිතූ අකාරයෙන් සිම්බාබ්වේ තරගාවලිය පරාජයට පත්වීමත් සමගින් බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර ප්‍රසාද ලකුණු පරතරය 10 දක්වා අඩුවී තිබේ. 

ශ්‍රී ලංකාව මෙවර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද පරාජයට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ පහළ ස්ථානයක රැඳී සිටි බටහිර ඉන්දිය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ තරගාවලියක් පරාජයට පත්වී නොමැත. 2017 වසර තුළදී ශ්‍රී ලංකාව එක්දින තරග 16 කට සහභාගිවී තරග හතරක් ජයගැනීමට සමත්වී ඇති අතර තරග 11 ක් පරාජයට පත්වී ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

අවසන් වරට ශ්‍රී ලංකාව තුළ පැවති තරගාවලි තුනකදී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් හිමිනොවූ අතර ඕස්ට්‍රේලියාව සමගින් පැවැති තරගාවලිය 4-1 ක් ලෙස පරාජයට පත්විය. බංග්දේශය සමගින් පැවැති තරගාවලිය 1-1 ක් ලෙස සමකරගත් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හමුවේ 3-2 ක් ලෙස තරගාවලිය පරාජයට පත්විය.

ප්‍රසාද ලකුණු 46 ක් හිමිකර ගනිමින් එක්දින ශ්‍රේණිගත කිරීම්හී 11 වැනි ස්ථානයේ පසුවූ සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු 6 ක් හිමිකර ගනිමින් මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 52 දක්වා වැඩිකර ගත්තේය. 

ස්ථානය රට ප්‍රසාද ලකුණු
1 දකුණු අප්‍රිකාව 119
2 ඕස්ට්‍රේලියාව 117
3 ඉන්දියාව 114
4 එංගලන්තය 113
5 නවසීලන්තය 111
6 පාකිස්තානය 95
7 බංග්ලාදේශය 94
8 ශ්‍රී ලංකාව 88
9 බටහිර ඉන්දීය කොදෙව් 78
10 ඇෆ්ගනිස්තානය 54
11 සිම්බාබ්වේ 52
12 අයර්ලන්තය 41


 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි...
2017-09-23 18:44:15
සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...