. ඉන්දියාව හිස ඔසවද්දී චීනය - ජපානය පසුබසිති | කෙළිමඬල
2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා
ඉන්දියාව හිස ඔසවද්දී චීනය - ජපානය පසුබසිති
2017-07-11 17:10:28 | .

 

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බුබනේෂ්වර්හි කාලිංග ක්‍රීඩාංගනයේ පැවති 22 ආසියානු ජ්‍යෙෂ්ඨ  ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ  වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. 

රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කගේ  සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 5ක්  හා ලෝකඩ පදක්කම් 12 ඇතුළු පදක්කම් 29ක් දිනා ගනිමින් සත්කාරක ඉන්දියාව පෙරමුණ ගත්තේය. 

චීනය රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 7ක්  හා ලෝකඩ පදක්කම් 5 ඇතුළු සමස්ත පදක්කම් 20 ක් දිනා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇත.

මංජුල විජේසේකරගේ නායකත්වයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සහභාගී වූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ  9 වන ස්ථානයේ පසුවන්නේ  රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4ක් ඇතුළු පදක්කම් 5ක් දිනා ගනිමිනි. 

8 කට පසුව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකදී රන්  පක්කමක්  දිනා ගැනීමට නිමාලි ලියනාරච්චි සමත් වූවාය. ඒ මීටර් 800  තරග ඉසව්වෙන් ජය ලබමිනි. 

ගයන්තිකා අබේරත්න එම ඉසව්වේම රිදී පදක්කම දිනා ගත්තාය. මීටර් 200 ඉසව්වෙන් රුමේෂිකා රත්නායක සහ  හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නදීෂා දිල්හානි ලේකම්ගේ රිදී පදක්කම්  දිනාගත් අතර මීටර් 400X4 සහය දිවීම පිරිමි ඉසව්වෙන් ද රිදී පදක්කමක් හිමි කර ගැනීමට ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පසුගිය ආසියානු මලල ක්‍රීඩා තරග වලදී ඉදිරියෙන් සිටි ජපානයට මෙම තරගාවලියේ 16 වැනි ස්ථානය හිමිවීම විශේෂ විය. ජපානයට ලබාගත හැකි වූයේ රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 9ක් ඇතුළු  පදක්කම් 14ක් පමණි.

  රට රන්  රිදී  ලෝකඩ  එකතුව
1 ඉන්දියාව 12 5 12 29
2 චීනය 8 7 5 20
3 කසකස්ථානය 4 2 2 8
4 ඉරානය 4 0 1 5
5 වියට්නාමය 2 2 0 4
6 කොරියාව 2 1 1 4
7 ක්වේට් 2 1 0 3
8 කිර්ගිස්ථානය  2 0 1 3
9 ශ්‍රී ලංකාව 1 4 0 5
10 තායිලන්තතය 1 2 2 5
11 පිලිපීනය 1 1 1 3
11 චීන තායිපේ 1 1 1 3
13 ටජිකිස්ථානය 1 0 0 1
13 උස්බෙකිස්ථානය 1 0 0 1
15 කටාර් 0 6 1 7
16 ජපානය 0 5 9 14
17 හොං කොං , චීනය 0 2 1 3
18 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 0 1 0 1
18 මැලේසියාව 0 1 0 1
19 දකුණු කොරියාව 0 1 0 1
20 සවුදි අරාබිය 0 0 3 3
21 සිරියාව 0 0 1 1
21 ඕමානය 0 0 1 1

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...