. ශ්‍රී ලංකාවට ශූද්ධ ලකුණු වේගය පමණයි | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවට ශූද්ධ ලකුණු වේගය පමණයි
2017-07-13 13:54:19 | .

අන්තර්  ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය රටවල් 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට එංගලන්ත පිල සමත්වී තිබේ.

පළමු වටය ලීග් ක්‍රමයට පැවත්වෙන මෙම තරගාවලියේ එක් රටක් සියළුම රටවල් සමඟ තරග කරන අතර පළමු වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. 

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකා පිල අතර ඊයේ ටවුන්ටන්හිදී පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ලැබීමත් සමඟ ශ්‍රී ලංකා පිලට හත්  වැනි ස්ථානයේ  රැදි සිටීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිල මෙතෙක් තරග කළ තරග 6 ම පරාජය වී ප්‍රසාද ලකුණු නොලබා  ශුද්ධ ලකුණු වේගය අනුව හත් වැනි ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මෙතෙක් සහභාගි වූ තරග සියල්ලම පරාජය වී ඇතත් ශූද්ධ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා පිල 7 වැනි ස්ථානයේත් පාකිස්තානය 8 වැනි ස්ථානයේත් සිටිති. 

ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ සිටින එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවති තරගාවලි 10න්  තුන් වතාවක් ජය ලබා ඇත. හය වතාවක් ශූරයන් වී ඇති ඕස්ට්‍රේලියාව මෙවර ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන තැන ගනී. දකුණු අප්‍රිකාව තුන් වන තැනට පත්ව ඇත. එක් වරක් පමණක් ලෝක ශූරයන් වූ නවසීලන්තය ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානයේ පසුවේ. 

පළමු වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකා පිල සහභාගී වන හත්වැනි තරගය  පකිස්ථානයට එරෙහිව ලෙස්ටර්හිදී අනිද්දා (15) පැවැත්වීමට නියමිතය.
 

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් 2017
ප්‍රසාද ලකුණු පුවරුව
කණ්ඩායම  ත     ජ   ප   වි.නැ   ස  ශූ.ල.වේ ප්‍ර.ල
එංගලන්තය 6 5 1 0 0 1.217 10
ඕස්ට්‍රේලියාව 6 5 1 0 0 0.973 10
දකුණු අප්‍රිකාව  6 4 1 1 0 1.722 9
ඉන්දියාව 6 4 2 0 0 0.15 8
නවසීලන්තය 6 3 2 1 0 1.386 7
බටහිර ඉන්දීය කොදෙව්  6 2 4 0 0 -1.507 4
ශ්‍රී ලංකාව 6 0 6 0 0 -1.373 0
පකිස්තානය 6 0 6 0 0 -1.276 0

ත - තරග, ජ - ජයග්‍රහණ,  ප - පරාජය, වි.නැ - විසඳුම් නැති, ල.ස -ලකුණු සම,

ශු.ල.වේ - ශුද්ධ ලකුණු වේගය,  ප්‍ර.ල - ප්‍රසාද  ලකුණු 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...