. ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය ශක්තිමත් කරයි | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 24 වැනි ඉරිදා
ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය ශක්තිමත් කරයි
2017-07-13 07:00:36 | දමින්ද විජේසූරිය

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිවු දෙනකුම කණ්ඩායමේ සිටින නමුත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණඩායමේ නායකයා වී තිබේ. ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වූ අවස්ථාවේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකම මෙහෙයවමින් එම තරග දෙකම ජයග්‍රහණය කළ රංගන හේරත්  කණ්ඩායමේ සිටියදීත් චන්දිමාල්ට මෙම වගකීම පවරා ඇත්තේ කණ්ඩායම ගොඩනැඟීමේ අරමුණ ඇතිවය. 

එවන් තත්ත්වයක් යටතේ, විශේෂයෙන්ම එක්දින තරගාවලියේ ජය අත්කරගෙන සිටින සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීම සුළුපටු අභියෝගයක් නොවේ. එහෙත් චන්දිමාල් එය බාරගෙන ඇත. 

එක්දින තරගාවලියේදී සිදුවූ සියලු වැරදි පසෙක දමා ශ්‍රී ලංකා කණ්ඩායම අලුත් ගමනක් යාමට සූදානම් වෙයි. ඒ සඳහා අතපොවන මානයේ සිටින පළපුරුදුම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරු අංශය සවිමත් කිරීමට තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම අද තරගයේදී පිතිකරුවන් හත් දෙනකු සහ පන්දු යවන්නන් සිවු දෙනකු සමගින් තරගයට පිවිසීමයි. එහිදී පිතිකරුවන් අතරට අසේල ගුණරත්න එක්වුවහොත් අතිරේක පන්දු යවන්නකුගේ සේවයද ශ්‍රී ලංකා පිලට හිමිවෙයි. 

“අපට දැන්මම තණතීරුව ගැන සම්පූර්ණයෙන්ම කියන්න බෑ. අපි හෙට ආවම ඒ ගැන තීරණයක් ගන්නවා”

අපි වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමගින් ක්‍රීඩා කරනවාද නැතිනම් වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ දඟ පන්දු යවන්නෙක් සමගින් ක්‍රීඩා කරනවාද කියලා දැන්ම කියන්න බෑ” යයි දඟ පන්දු යවන්නන් සම්බන්ධයෙන් කළ විමසීකදී චන්දිමාල් කියා සිටියේය. 

“සමහර අවස්ථාවලදී තණතීරුවක තත්ත්වය තේරුම් ගැනීම හරිම අමාරුයි. එය දඟ කැවෙනවා ඇති කියලා අප හිතුවත් අපි හිතන තරම් ඉක්මනින් ඒක වෙන්නේ නෑ. ඒකට ටිකක් වෙලා යන්න පුළුවන්....සමහර විට ඒක අපි හිතනවාටත් කලින් වෙන්නත් පුළුවන්“යයි කී චන්දිමාල්....“නායකයෙක් හැටියට ඒ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කිසියම් තීරණයක් ගන්නේ ඒ වෙනකොට තියෙන තත්ත්වය දිහා බලලයි” යයිද පැවසීය. 

නායකත්වයෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ එක්දින තරගාවලියේදී සියලුම දේ ශ්‍රී ලංකා පිලේ අවාසියට සිදුවූ බවත් තණතීරු සම්බන්ධයෙන් ගත් තීරණ පවා වැරදී ගිය බවත්ය. එක්දින අන්තර්ජාතික තරගයකදී ලකුණු 300 ක් යනු ආරක්‍ෂිත ලකුණු සංඛ්‍යාවක් ලෙස සාමාන්‍යයෙන් සැලකෙන නමුත් සිම්බාබ්වේ පිතිකරුවෝ දෙවතාවක්ම ලකුණු 300 ට වැඩි සංඛ්‍යාවක් හඹා යමින් ශ්‍රී ලංකා පිල පරාජය කළහ. 

“කොහොම වුණත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් සමග පිටියට එන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ එක්කම කාලගණය ගැනත් තණතීරුවේ තත්ත්වය ගැනත් ටිකක් විමසිල්ලෙන් ඉන්න වෙනවා” යයිද චන්දිමාල් පැවසීය. 

ඊයේ සවස දැනගන්නට ලැබුණ ආකාරයට තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය මට්ටමක තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් වැඩි බැවින් ඔවුන්ට ලකුණු අතරට යාමට අවස්ථාව දෙමින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම එක අරමුණකි. අනෙක් අතට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරග දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමු ඉනිමේදී ලකුණු 500 සීමාව ඉක්මවා ගියහ. 

ශ්‍රී ලංකා පිලේ උපාය වන්නේ සිම්බාබ්වේ පන්දු යවන්නන්ට හැකි තරම් තලමින් ඔවුන් පීඩනයට පත්කිරීමයි. ඒ සඳහා කණ්ඩායම පිතිකරුවන් හත් දෙනකුගෙන් සන්නද්ධ කිරීමත් එක අදහසකි. එහෙත් ඒ සඳහා කාසියේ වාසිය අවශ්‍ය වී තිබේ.  පසුගිය දිනවල එක්දින තරග වලට ක්‍රීඩා නොකළ හෙයින් රතු පන්දුව සමගින් වැඩි වේලාවක් පුහුණුවීම් කළ චන්දිමාල් ඔහුගේ පිතිහරඹ තාක්‍ෂණයේ සුළු වෙනස්කම් කිහිපයක්ද කරගෙන තිබේ. 

“දැන් ඒ පුහුණුවීම් වලින් ප්‍රතිඵල ලබාගන්න බලා ඉන්නවා” යයිද චන්දිමාල් කීවේය.

සිම්බාබ්වේ පිතිකරුවන් දෙවතාවක්ම ලකුණු 300 සීමාව පසුකර ගිය නමුත් ටෙස්ට් තරග 16 කදී කඩුලු 75 ක් දවාගෙන සිටින ඩිල්රුවන් පෙරේරා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ සිටින රංගන හේරත් (373) කණ්ඩායමට එක්වීමත් සමග ශ්‍රී ලංකා පිලේ ආත්ම විශ්වාසය වර්ධනය වූ බවක් පෙනෙන්නට තිබේ.

මේ අතර සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර් පවසන්නේ තමන්ගේ දඟ පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබා ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත්කිරීමට තමන්ගේ ක්‍රීඩකයන්ට හැකියාව ඇති බවත්ය. 

“අපි ටික කාලයකට ටෙස්ට් තරග වලට සහභාගි වෙලා නෑ. ඒ වුණත් අපි ටෙස්ට් තරගයකට හැඩගැහෙන්නේ කොහොමද කියන එක කතා කරලා තියෙනවා” අපි අපේ ලකුණු රැස්කිරීමේ අවස්ථා සියල්ලම ලබාගන්න බලනවා” යයිද සිමබාබ්වේ නායකයා පැවසීය. 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර.

සිම්බාබ්වේ සංචිතය 
ග්‍රේඒම් ක්‍රීමර් (නායක), හැමිල්ටන් මසකඞ්සා, ක්‍රිස් මොෆු, තරිසායි මුසකන්ඩා, සිකන්දර් රාසා, මැල්කම් වොලර්, ෂෝන් විලියම්ස්, ක්‍රෙග් අර්වින්, පීටර් මුවර්, කාල් මුම්බා, රයාන් බර්ල්, තෙන්ඩායි චටාරා, නත්සායි මෂන්ග්වේ, ඩොනල්ඞ් ටිරිපානෝ, නේතන් වොලර්, රෙගීස් චකබ්වා.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි...
2017-09-23 18:44:15
සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...