. අර්වින් තනි අතින් සිම්බාබ්වේ පිල ගොඩගනී | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
අර්වින් තනි අතින් සිම්බාබ්වේ පිල ගොඩගනී
2017-07-14 17:27:30 | දමින්ද විජේසූරිය

සිය කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ක්‍රෙග් අර්වින්ගේ ධෛර්යවත් පිතිහරඹය නිසා හිස එසවූ සිම්බාබ්වේ කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් තරගයේදී සාර්ථක අඩිතාලමක් දමාගත්තේය. දිනය නිමා වන විට සිම්බාබ්වේ පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 344 ක් ලබා සිටියේය.

දිවා ආහාරයට පෙර අමාරුවේ වැටී සිටි සිම්බ්බාවේ පිල තනි අතින් ගොඩගත් ක්‍රෙග් අර්වින් දිනය නිමා වන විට තමන්ගේ හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 151 ක් ලබා සිටියේය. පැය පහමාරක් (විනාඩි 326 ක්) පුරා පන්දු 238 කට මුහුණ දුන් අර්වින් හතරේ පහර 13 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසාලීය.

සිම්බාබ්වේ - පළමු ඉනිම 
හැමිල්ටන් මසකඩ්සා  - ඇ.මෙන්ඩිස් ප.හේරත් 19
රෙගිස් චකබ්වා - ප.හේරත් 12
තරිසායි මුසකන්ඩා - ඇ.දික්වැල්ල 6
ක්‍රෙග් අර්වින්  - නොදැවී  151
ෂෝන් විලියම්ස්  - ඇ.ගුණරත්න ප.ඩිල්රුවන් 22
සිකන්දර් රාසා  - ක.මු.කළා ප.හේරත් 36
පීටර් මුවර් - ඇ.කුමාර ප.ගුණරත්න 19
මැල්කම් වොලර් - ප.හේරත් 36
ග්‍රේම් ක්‍රීමර්  - ප.ගුණරත්න  13
ඩොනල්ඩ් ටිරිපානෝ - නොදැවී  24
අතිරේක (ව-1 , නිප-5) 6
එකතුව ඕවර 55 කදී කඩුලු  6 ක් දැවී     344
කඩුලු වැටීම 
1-23(චකබ්වා), 2-38(මසකඩ්සා), 3-38(මුසකන්ඩා), 4-70(විලියම්ස්). 5-154(රාසා), 6-195(මුවර්). 7-260(වොලර්), 8-282(ක්‍රීමර්), 
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
ක්‍රිස් මොෆූ
පන්දු යැවීම
සුරංග ලක්මාල්  14-0-58-0  
ළහිරු කුමාර 15-2-66-1 ව-1
රංගන හේරත් 30-4-106-4  
ඩිල්රුවන් පෙරේරා 24-0-86-1 නි-1
අසේල ගුණරත්න 7-0-28-2 නි-4

මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වූයේ 2016 දී නවසීලන්තයට එරෙහිව බුලවායෝහිදී ලකුණු 146 ක් ලබාගැනීමයි.

අර්වින් සිය මව්බිමෙන් පිටතදී ලබාගත් පළමු ටෙස්ට් අර්ධ ශතකය මෙය වන අතර මීට පෙර ඔහු මව්බිමෙන් පිටතදී ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් ඉනිම වූයේ බංග්ලාදේශ පිලට එරෙහිව ඩකාහිදී ලකුණු 34 ක් ලබාගැනීමයි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසු ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳ වැටීම නිසා සිම්බාබ්වේ පිල පළමු දින දිවා ආහාරයට පෙරම සෑහෙන අසීරු අඩියකට වැටී සිටියේය. එහෙත් අර්වින්ගේ ධෛර්යවත් පිතිහරඹයෙන් හිස එසවූ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකක් අතැතිව තිබියදීම ලකුණු 300 සීමාව පැනගත්තේය. එයින් ලකුණු 122 ක් අර්වින් සතුවිය.

රිවර්ස් ස්වීප් පහර මෙන්ම ස්වීප් පහරත් මනා ලෙස උපයෝගී කරගනිමින් ලකුණු සොයාගිය සිම්බාබ්වේ මැදපෙළ පිතිකරුවෝ අවසන් කඩුලු හය වෙනුවෙන් ලකුණු 306 ක් එක්කර ගත්හ.

ලකුණු පුවරුවේ ඉලක්කම් රෝද දෙකම දිවා ආහාරයෙන් පසුව සිම්බාබ්වේ පිලේ වාසියට කැරකෙන්නට විය. දිවා ආහාරයෙන් පසුව තණතීරුවෙන් පන්දු යවන්නන්ට කිසිම සහයෝගයක් නොලැබුණු අතර පන්දු රැකීමේදීද කිවහැකි තරමේ දුර්වලතාවක් නොපෙනිණ.  පැය පහමාරක් පුරා ඇදී ගිය අර්වින්ගේ ඉනිමේ දවාගැනීමේ එකම අවස්ථාවක් හෝ නොවීය.

දිවා ආහාරයත් තේ පානයත් අතර කාලයේදී ලකුණු 117 ක් ගලා ආ නමුත් සිම්බාබ්වේ පිලට අහිමි වූයේ කඩුලු දෙකක් පමණි. ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට වැටී සිටියදී බර කරට ගත් අර්වින් එතැන් සිට සෑම කඩුල්ලක් සඳහාම ලකුණු 20 කට වැඩි සම්බන්ධතා ගොඩනැංවීමට පියවර ගත්තේය. සිවුවැනි කඩුල්ලේ සිට 9 වැනි කඩුල්ල දක්වා සම්බන්ධතා පිළිවෙලින් සටහන් වූයේ 32, 84, 41, 65, 22 සහ අඛණ්ඩ 62 ක් වශයෙනි. වඩාත්ම සාර්ථක සම්බන්ධතාව වූයේ අර්වින් සහ සිකන්දර් රාසා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 84 සම්බන්ධතාවයි.

පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක් වන හෙයින් කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර් කිසිදු පැකිළීමකින් තොරවම ලකුණු රැස්කිරීම තෝරා ගත්තේය. එක්දින තරගාවලිය ජයගැනීමෙන් පසුව මහත් උද්දාමයෙන් සිටි සිම්බාබ්වේ පිලේ ගණන් බැස්සවූ රංගන හේරත් දිවා ආහාරයට පෙරම ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගනිමින් සංචාරක කණ්ඩායම අමාරුවේ දැමීය.

පන්දුව අතට ගත් හේරත් සිය තුන්වැනි පන්දුවේදීම රෙගීස් චකබ්වා පිටියෙන් ඉවත් කළේ සිදුවූයේ කුමක්ද යන්න සිතා ගැනීමටවත්  කාලයක් පිතිකරුවාට ඉතිරි නොකරමිනි. පිතිකරුවා අන්ද මන්ද කරමින් දෙවැනි පන්දුව කඩුලු රකින්නා අතට ඇදී යාමට සැලැස්වූ හේරත් ඔහුගේ තුන්වැනි පන්දුව චකබ්වාගේ පිත්තත් පාදයත් අතර තිබූ පරතරයෙන් රිංගවා කඩුල්ල තුළට යැවීය. ඕවර දෙකකට පසුව ෆෝවර්ඞ් ෂෝට් ලෙග්හි සිටි කුසල් මෙන්ඩිස් රැකගත් අගනා උඩපන්දුවකින් සිම්බාබ්වේ පිලේ සිටින පළපුරුදුම ටෙස්ට් පිතිකරුවා වන හැමිල්ටන් මසකඞ්සා පිටියෙන් ඉවත් වන විට ඔහු ලබා සිටියේ ලකුණු 19 ක් පමණි. හේරත් සිය පළමුවැනි පන්දු යැවීමේ වාරය අවසන් කරන විට ඕවර 9 ක් යවා ලකුණු 36 කට කඩුලු 2 ක් බිම දමා තිබිණ.

හේරත් ගෙන ආ ආරම්භයෙන් පසුව ළහිරු කුමාර සහ ඩිල්රුවන් පෙරේරාත් කඩුල්ලක් බැගින් දවාගත් හෙයින් දහවල් ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිම්බාබ්වේ පිලට කඩුලු 4 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 96 ක් පමණි. එහෙත් දිවා ආහාරයෙන් පසුව තත්ත්වය වෙනස් විය.

 

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...