. ඔලිම්පියන්ස් සංගමයේ සභාපතිනිය ශ්‍රියාණි | කෙළිමඬල
2017 ජූලි මස 27 වැනි බ‍්‍රහස්පතින්දා
ඔලිම්පියන්ස් සංගමයේ සභාපතිනිය ශ්‍රියාණි
2017-07-15 18:37:07 | සුසිල් ප්‍රේමලාල්

ප්‍රවීණ මලල ක්‍රීඩිකා ශ්‍රීයානි කුලවංශ මහත්මිය අද (15දා) පෙරවරුවේ කොළඹදී පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සමාරම්භක සභාපතිවරිය ලෙස නිතරගයෙන් තේරීපත් වූවාය.  


ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය යනු 1948 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිට 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සංගමයකි.


අදාළ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම කොළඹ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහි සමාරම්භක සභාපතිවරිය ලෙස පත්වූ ශ්‍රියානි කුලවංශ මහත්මිය අවස්ථා 3කදී (1992, 1996 සහ 2000) ඔලිම්පික් ක්‍රීඩා නියෝජනයකර ඇති ප්‍රවීණ ක්‍රිඩිකාවකි.


ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ උපසභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මහතාත්, ලේකම්වරිය ලෙස දමයන්ති දර්ශා මහත්මියත්, භාණ්ඩාගාරිකවරයා ලෙස අනුරුද්ධ රත්නායක මහතාත් (බොක්සිං) තේරී පත්වූහ.


සිඩ්නි ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම නව සංගමයේ යාවජීව අනුශාසකවරිය ලෙසද තේරී පත්කෙරිණි.


එහි කමිටු සාමාජිකයන් ලෙස ජුලියන් බෝලින් (පිහිනුම්), මහේෂ් පෙරේරා (මලල ක්‍රීඩා), රුවිනි අබේමාන්න (වෙඩිතැබීම) සහ හරිජන් රත්නායක (මලල ක්‍රීඩා) යන මහත්ම මහත්මීහු පත්වූහ.


අදාල සංගමයේ ව්‍යවස්ථාව අනුව වසර 4කට වරක් නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැණෙනු ඇත. පැරණි ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සහ අනාගතයේදී තවත් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම සඳහා අනාගත පරපුර දිරිමත් කිරීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණ වේ.  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
ඉන්දියානුවෝ 400 කඩයිම අබියස...
2017-07-26 17:00:13
දැවැන්ත ශතක සම්බන්ධතා දෙකක් මත සිය ඉනිම ඉදිකළ ඉන්දියානුවෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළ...