. ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය පරාජය කරති | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය පරාජය කරති
2017-07-16 12:05:45 | .

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් කරමින් ලෙෂ්ටර්හිදී ඊයේ (15) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 15 කින් පාකිස්තානු පිල පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා පිල
නිපුන් හංසිකා - ප. බයිග්  1
හසිනි පෙරේරා - ඇ. නවාස් ප. බයිග්  13
චමරි අතපත්තු - ඇ. මීර් ප. ඉම්ටාෂ් 27
ශෂිකලා සිරිවර්ධන - ඇ. ඉක්බාල් යූසුෆ්  17
ඩිලානි මනෝදර - ඇ. නවාස් ප. බයිග්  84
ප්‍රසාදිනී වීරක්කොඩි - ඇ. ජාවිඞ් ප. මීර් 5
ඒෂානි ලොකුසූරිය - ඇ. මීර් ප. ඉක්බාල්  28
අමා කාංචනා - නොදැවී  21
ශ්‍රීපාලි වීරක්කොඩි - නොදැවී  4
අතිරේක 21
එකතුව ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී  221
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
ඉනෝකා රණවීර, චන්දිමා ගුණරත්න
කඩුලු වැටීම:
1-4(හංසිකා), 2-10(හසිනි), 3-64(අතපත්තු),
 4-82(ශෂිකලා), 5-98(ප්‍රසාදිනී), 6-174(ලොකුසූරිය), 7-207(මනෝදර)
පන්දු යැවීම:
අස්වමියා ඉක්බාල්  9-0-54-1
ඩයනා බායිග් 10-1-41-3
 සනා මීර්  10-1-36-1
කයිනට් ඉම්ටයිෂ් 10-0-46-1
සාදියා යූසුෆ් 10-1-32-1
ජවරියා ඛාන් 1-0-5-0
පාකිස්තානු කාන්තා පිල
අයේෂා ශෆාර් - ඇ. අතපත්තු ප. චන්දිමා  8
නහිදා ඛාන් - ප. චන්දිමා 10
ජවරියා ඛාන් - දුවද්දී දැවී ගියා  24
නයින් අබිඩි - දුවද්දී දැවී ගියා  57
ඉරාම් ජාවිඞ් - ඇ. කාංචනා ප. අතපත්තු 15
සනා මීර් - ක. මූ. කළා ප. චන්දිමා 14
කයිනට් ඉම්ටයිෂ් - ඇ. ප්‍රසාදිනී ප. කාංචනා  11
අස්වමියා ඉක්බාල් - නොදැවී  38
සිද්රා නවාස් - ඇ. සහ ප. චන්දිමා 5
ඩයනා බායිග් - ඇ. අතපත්තු ප. කාංචනා  12
සාදියා යූසුෆ් - ප. රණවීර 0
අතිරේක 12
එකතුව ඕවර 46.4 කදී සියලු දෙනා දැවී  206
කඩුලු වැටීම:
1-15(නහිදා), 2-43(ශෆාර්), 3-54(ජවරියා), 4-107(ඉරාම්),5-134(අබිඩි), 6-135(මීර්), 7-159(ඉම්ටයිෂ්),8-172(නවාස්), 9-204(බායිග්), 10-206(යූසුෆ්)
පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි  6-0-34-0
 චන්දිමා ගුණරත්න  10-2-41-4
 ඒෂානි ලොකුසූරිය 3-0-9-0
 ඉනෝකා රණවීර 9.4-2-17-1
 ශෂිකලා සිරිවර්ධන  5-0-41-0
අමා කාංචනා  7-0-31-2
චමරි අතපත්තු  6-0-28-1 

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග හතේදී ලැබූ එකම ජය මෙය වේ. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2 ක් ලබා කණ්ඩායම් අටෙන් හත්වැනි තැනට පත්විය.

ලකුණු 222 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල ඕවර 46.4 කදී ලකුණු 206 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වමතින් දඟ පන්දු යවන චන්දිමා ගුණරත්න අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගනිමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වූවාය.

ශ්‍රී ලංකා පිලේ නායිකා ඉනෝකා රණවීර පන්දු යැවීමේ සැලැස්ම වෙනස්කරමින් එක අන්තයකින් ආරම්භක පන්දු යවන්නියක් ලෙස චන්දිමා යොදාගත් අතර එය සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේය. 

චන්දිමා ගුණරත්න තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබුවාය.

පාකිස්තානු ක්‍රීඩිකාවන් ද අවසන් පිතිකාරිය දක්වා තියුණු අභියෝගයක් යොමු කළ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වඩාත් ආක්‍රමණශීලි වෙමින් ජයග්‍රහණය දක්වා පැමිණීමට සමත් වූහ.

නයින් අබිඩි පන්දු 68 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 57 ක් ලබා සිටියදී චමරි අතපත්තුගේ දක්‍ෂ පන්දු රැකීම නිසා දුවද්දී දැවී නොගියේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ද ඉඩ තිබුණි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ඩිලානි මනෝදරා ජයග්‍රහණයට හොඳ අඩිතාලමක් දමමින් පන්දු 111 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් වූවාය. මෙය මනෝදරගේ තෙවැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

ඩිලානි මනෝදරා (84) සහ ඒෂානි ලොකුසූරිය (28) හයවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 76 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා ඉනිමේ තීරණාත්මක අවස්ථාවක් බවට පත්විය.

(ඡායාරූපය - අන්තර්ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි)

 

- 048


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...