. විම්බල්ඩන් නාමපුවරුවට මුගුරූසාත් එක්වෙයි | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
විම්බල්ඩන් නාමපුවරුවට මුගුරූසාත් එක්වෙයි
2017-07-16 14:05:22 | .

අන්තර්ජාතික ටෙනිස් පිටියේ වඩාත්ම අත්දැකීම් බහුල ක්‍රීඩිකාව වන අමෙරිකාවේ වීනස් විලියම්ස් ලකුණු 7-5 ක් සහ 6-0 ක් ලෙස පරාජය කළ ගාබීන් මුගුරූසා වසර 23 කට පසුව ස්පාඤ්ඤයට විම්බල්ඩන් ටෙනිස් ශූරතාවක් රැගෙන ගියාය.

මීට පෙර පස්වතාවක්ම විම්බල්ඩන් කිරුළ අමෙරිකාවට රැගෙන ගිය වීනස් ඊයේ ලන්ඩනයේ ඕල් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හී පැවැති අවසන් තරගයේදී අන්දමන්ද කළ මුගුරූසා සිය පළමු විම්බල්ඩන් ශූරතාව දිනාගත්තේ කාගෙත් නළල්තල රැළි ගන්වමිනි. එය ස්පාඤ්ඤ ක්‍රීඩිකාවක් විම්බල්ඩන් කිරුළ දිනූ දෙවැනි අවස්ථාව ද විය.

අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 14 වැනි තැන සිටි මුගුරූසා ඊයේ දිනාගත්තේ ඇගේ දෙවැනි  ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවයි. ඊට පෙර ඇය පසුගිය වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගත්තේ වීනස්ගේ නැගණිය සෙරීනා පරාජය කරමිනි. ඒ අනුව ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගවලදී විලියම්ස් සොයුරියන් දෙදෙනාවම පරාජය කළ ලොව පළමු ක්‍රීඩිකාව වන්නේද මුගුරූසාය.

වසර 2015 දී විම්බල්ඩන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ මුගුරූසා එවර සෙරීනා විලියම්ස් හමුවේ පරාජයට පත්වූවාය. ඇතැමුන් කියන්නේ ඊයේ තරගයේදී සෙරීනාගේ සොයුරිය පරාජය කරමින් ඇය ඉතා අලංකාරව එම පරාජයේ වාඩුව පිරිමසා ගත් බවකි.

ස්පාඤ්ඤයේ වසර 23 ක විම්බල්ඩන් ශූරතා ඉඩෝරය මුගුරූසාගේ ජයග්‍රහණයෙන් නිමාවට පත්වෙද්දී ඇගේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළේ වසර 23 කට පෙර අවසන් වතාවට ස්පාඤ්ඤයට විම්බල්ඩන් ටෙනිස් කිරුළ රැගෙන ගිය කොන්චිටා මාටිනස් වීම දෛවෝපගත සිදුවීමකි. කොන්චිටා මෙවර තරගාවලිය පුරා මුගුරූසාට සහය වූයේ මුගුරූසාගේ පුහුණුකරු සෑම් සැමික්ගේ බිරිය පළමු දරු ප්‍රසූතියට සුදානමින් සිටින නිසා මෙවර තරගාවලියට පැමිණීමට නොහැකිවීම නිසාය. වසර 1994 දී කොන්චිටා ස්පාඤ්ඤ ටෙනිස් ඉතිහාසයේ පළමු වතාවට විම්බල්ඩන් ශූරතාව දිනාගත්තේ ද එවකට 37 හැවිරිදි වියෙහි පසුවූ මාටිනා නව්රතිලෝවා පරාජයට පත් කරමිනි.

‘වීනස් පරද්දන්න සෑහෙන අමාරුවුණා. ඇත්තම කියනවානම් මම පොඩි කාලේ ඉඳලා හැදිලා වැඩුණේ වීනස් සෙල්ලම් කරනවා බලාගෙනයි. එයා එක්කම අවසන් තරගයට සෙල්ලම් කරන්න සිද්ධවීමෙන් මම සෑහෙන තැතිගැන්වුණා. ඒත් අන්තිමේදී මම ජයගත්තා. ‘ සිය ජයග්‍රහණයෙන් පසුව සතුටු කඳුළු වගුරුවමින් මුගුරූසා එසේ කීවාය.

‘මම අනුගමනය කරපු, මගේ ටෙනිස් වීරවරියක් මේ විදිහට පරද්දන්න හැකිවීම ලොකු ජයග්‍රහණයක්. ‘එසේ කියමින් ක්‍රීඩාලෝලීන් හිනැස්සූ මුගුරූසා අනතුරුව වීනස් දෙසට හැරී ‘මට සමාවෙන්න‘ කීවාය.

ඕල් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හි සවි කර ඇති විම්බල්ඩන් ශූරියන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් නාමපුවරුවට ඊයේ මුගුරූසාගේ නමත් එක්වූ අතර එය නරඹමින් සිටින අතරතුර ඇය මෙසේ කීවාය.

සෑහෙන්න කාලයක් තිස්සේ මේකේ ලියැවිලා තිබුණේ විලියම්ස් කියන වාසගම විතරයි. දැන් මගේ නමත් ලියැවිලා. ‘ ඇය කීවේ විම්බල්ඩන් ශූරතා දුසිමකටත් වැඩිය බෙදා හදා ගත් විලියම්ස් සොයුරියන් අරභයාය.


 - 077

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...