. ජාත්‍යන්තර පාසල් ශූරතාව වත්තල ලයිසියම්ට | කෙළිමඬල
2017 අගෝස්තු මස 18 වැනි සිකුරාදා
ජාත්‍යන්තර පාසල් ශූරතාව වත්තල ලයිසියම්ට
2017-07-20 17:25:45 | .

ජාත්‍යන්තර පාසල් අතර පැවැති වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ, ශාලිකා ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 74 ක් ජයක් හිමිකර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අද (20 වැනිදා) සමත් විය. මෙම තරගය ඕවර 40 කට සිමාවිය.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට හසිත ගුණසිරි (53) සමත්වූ අතර ජීවිතන් මහේෂ්වරන් ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

අවසන් පූර්ව වටයේදී වත්තල ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසලට එරෙහිව නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලත්, විචර්ලි ජාත්‍යන්තර පාසලට එරෙහිව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලත් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

වත්තල ලයිසියම් ජා.පා - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 265
(හසිත ගුණසිරි 53, කවිඳු රාජකරුණා 45, ශබීක් ඉෆ්තාරී 39, ඩිල්ශාන් ජයවර්ධන 31, ඉමන්ත ප්‍රනාන්දු 30, විහඟ අඹේපිටිය 36/2)

නුගේගොඩ ලයිසියම් ජා.පා - ඕවර 34.3 කදී සියලුදෙනා දැවී ලකුණු 191
(පසිඳු රාජපක්ෂ 56, අකලංක සෙනෙවිරත්න 35, විහඟ අඹේපිටිය 34, ගමිත පවන් 25, ජීවිතන් මහේෂ්වරන් 30/4, ඉමන්ත ප්‍රනාන්දු 18/2, චන්දිර යසවින් 36/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...