. බර්ගුයිල් 18 වැනි අදියර ජය ගනියි | කෙළිමඬල
2017 අගෝස්තු මස 18 වැනි සිකුරාදා
බර්ගුයිල් 18 වැනි අදියර ජය ගනියි
2017-07-21 16:08:18 | .

ප්‍රංශ පාපැදි සවාරියේ 18 වැනි අදියර ජය ගැනීමට ප්‍රංශයේ වැරෙන් බර්ගුයිල් සමත් විය. කිලෝ මීටර් 179.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ බ්‍රියෑන්කොන් නරගයෙන් ආරම්භ වී ඉසෝවාඞ් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා බර්ගුයිල්ට ගත වූ කාලය පැය 4 යි විනාඩි 40 යි තත්ත්පර 33 කි.

බර්ගුයිල්ට වඩා තත්ත්පර 20 ක් පසුපසින් පැමිණ තරගය අවසන් කළ කොලොම්බියාවේ ඩර්වින් අටපුමා 18 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. මහ බි්‍රතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් සහ කොලොම්බියාවේ රිගොබර්ටෝ ඌරන් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

තරගයේ 18 වැනි අදියර ජයගැනීමට රොග්ලික් සමත් වුවද, මුල් අදියර 17 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල ඔහුට හිමිව ඇත්තේ සමස්ත තරගයේ 9 වැනි ස්ථානයයි.

අදියර 18 ක් අවසන් වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට සිටින මහ බි්‍රතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත්ව සිටින අතර ඒ සඳහා ඔහුට ගතවී ඇති මුලු කාලය පැය 78.08:19 කි. ෆෝම්ට වඩා තත්ත්පර 23 ක් පසුපසින් සිටින ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ෆෝම්ට වඩා තත්ත්පර 29 ක් පසුපසින් සිටින කොලොම්බියාවේ රිගොබර්ටෝ ඌරන් එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.

පාපැදි සවාරියේ 19 වැනි අදියර අද (21 වැනිදා) එම්බූරන් නරගයෙන් ආරම්භ සැලොන් ඩි ප්‍රොවෙන්ස් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 222.5 කි.


සමස්ත තරගයේ ප්‍රතිඵලය

1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 78.08:19
2 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 78.08:42
3 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 78.08:48
4 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 78.09:55
5 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 78.10:14
6 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 78.11:15
7 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 78.12:05
8 ලුවිස් මේයින්ට්ජෙස් (දකුණු අප්‍රිකාව) - පැය 78.15:11
9 වැරෙන් බර්ගුයිල් (ප්‍රංශය) - පැය 78.16:41
10 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඤ්ඤය) - පැය 78.16:53


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...