. හේරත් දෙවැනි තැනට පනී | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
හේරත් දෙවැනි තැනට පනී
2017-07-21 16:26:36 | .

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එකම ටෙස්ට් තරගයේදී කඩුලු 11 ක් දවාගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට වමතින් දඟපන්දු යවන රංගන හේරත් පසුගියදා සමත් විය. සිම්බාබ්වේ පිලට එරෙහිව ටෙස්ට් තරගය ආරම්භවීමට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ රංගන හේරත්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැක්වූ දස්කම් අනුව රවිචන්ද්‍රන් අශ්වින් තෙවැනි ස්ථානයට ඇද දමමින් දෙවැනි ස්ථානයට පැමිණියේය.

වයස 39 ක් වූ රංගන හේරත් ටෙස්ට් තරගවලදී සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වෙමින් තරග 81 කදි කඩුලු 384 ක් බිඳ හෙළීමට සමත්වී තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 249 කට කඩුලු 11 ක් දවාගත් රංගන හේරත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 31 ක් වාර්තා කර තිබේ. එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සහ ඕස්ටේ්‍රලියාවේ ජෝෂ් හේසල්වුඞ් සම ප්‍රසාද ලකුණු ලබාගනිමින් ශ්‍රේණිගත කිරීම්හී සිවුවැනි ස්ථානයේ රැඳි සිටිමින් වේගපන්දු යවන්නන් අතර ඉහළින් සිටිමට සමත්වූහ.

සටන්කාමී පිතිහරඹයක නිරතවෙමින් සිම්බාබ්වේට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ලකුණු 45 ක් සහ දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 80 ක් රැස්කරගත් අසේල ගුණරත්න අයි.සී.සී. ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 19 ක් ඉදිරියට පැමිණෙමින් 79 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

රංගන හේරත්ට අමතරව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී ඉහළට පැමිණි දඟ පන්දු යවන්නකු වන දකුණු අප්‍රිකාවේ කේශව් මහරාජ් ස්ථාන 12 ක් ඉදිරියට පැමිණෙමින් 26 වැනි ස්ථානයේ රැඳි සිටින්නේය. 1992 දි දකුණු අප්‍රිකානු පිලට නැවතත් ටෙස්ට් සාමාජිකත්වය ලැබීමෙන් පසුව ප්‍රසාද ලකුණු 543 ක් ලබාගනිමින් ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී ඉහළටම පැමිණි සිවුවැනි දඟ පන්දු යවන්නා බවට පත්වීමට කේෂව් මහරාජ් සමත්වී ඇත.

මෙම වකවානුව තුළදි පෝල් හැරිස් (705), පෝල් ඇඩම්ස් (588) සහ නිකී බෝයේ (545) ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී ඉහළට පැමිණි අනෙක් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ වෙති.

ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 9 ක් දවාගත් සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර් ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 20 ක් ඉදිරියට පැමිණෙමින් 53 වැනි ස්ථානයේ රැඳි සිටින අතර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඔහු පැමිණි ඉහළම ස්ථානයද එය වේ.

එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගත් හසීම් අම්ලා අයි.සී.සී. ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී හොඳම ටෙස්ට් පිතිකරුවන් දසදෙනා අතරට නැවතත් පැමිණෙමින් හයවැනි ස්ථානයේ රැඳි සිටින්න අතර සිම්බාබ්වේ ක්‍රීඩකයින් වන ක්‍රෙග් අර්වින් ස්ථාන 20 ක් ඉදිරියට පැමිණෙමින් 40 වෙනි ස්ථානයටත් සීකන්දර් රාසා ස්ථාන 28 ක් ඉදිරියට පැමිණෙමින් 48 වෙනි ස්ථානයටත් පැමිණියහ.

ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්
ස්ථානය     (+/-)       ක්‍රීඩකයා               කණ්ඩායම       ප්‍රසාද
ලකුණු
1 ( - )    ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියාව       941
2 ( - )    ජෝ රූට්            එංගලන්තය       886
3 ( - )    කේන් විලියම්සන්     නවසිලන්තය        880
4 ( - )    චෙතෙස්වර් පුජාරා         ඉන්දියාව        846
5 ( - )    විරාට් කෝලී          ඉන්දියාව       818
6 ( - )    කුයින්ටක් ඩිකොක්        දකුණු අප්‍රීකාව         793
7 (+6)   හසීම් අම්ලා  දකුණු අප්‍රීකාව        778
8 (-1)   අසාර් අලී පාකිස්තානය       769
9 (-1)   ඩේවිඩ් වෝනර්     ඕස්ට්‍රේලියාව      759
10 (-1)   ලෝකේෂ් රාහුල්    ඉන්දියාව        739

 

තෝරාගත් ශ්‍රේණිගත කිරීම්
 ස්ථානය (+/-)    ක්‍රීඩකයා  කණ්ඩායම ප්‍රසාද
ලකුණු
16 (+1)    ෆෆ් ඩු ප්ලෙසී  දකුණු අප්‍රිකාව         692
40 (+20)     ක්‍රෙග් අර්වින්        සිම්බාබ්වේ 536
48 (+28)     සීකන්ර් රාසා   සිම්බාබ්වේ 497
79 (+19)     අසේල ගුණරත්න   ශ්‍රී ලංකාව 371

 

පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්
 ස්ථානය  (+/-)   ක්‍රීඩකයා    කණ්ඩායම     ප්‍රසාද
ලකුණු
1 ( - )        රවින්ද්‍ර ජදේජා           ඉන්දියාව       898
2 (+1)       රංගන හේරත්           ශ්‍රී ලංකාව 866
3 (-1)        රවිචන්ද්‍රන් අශ්වින්          ඉන්දියාව       865
   4=      (+1)       ජේම්ස් ඇන්ඩර්සන්       එංගලන්තය      826
  ( - )     ජොෂ් හේසල්වුඩ්     ඕස්ට්‍රේලියාව      826
   6=      (+1)      කගිසෝ රබාඩා   දකුණු අප්‍රිකාව        785
  ( - )       ස්ටුවර්ට් බ්‍රෝඩ්      එංගලන්තය      785
8 ( - )       ඩේල් ස්ටේන්         දකුණු අප්‍රිකාව        779
9 (+1)     වර්නන් ෆිලැන්ඩැර්       දකුණු අප්‍රිකාව        767
10 (-1)      නීල් වෝනර්       නවසිලන්තය        745

 

තෝරාගත් ශ්‍රේණිගත කිරීම්
ස්ථානය    (+/-)     ක්‍රීඩකයා   කණ්ඩායම     ප්‍රසාද ලකුණු
21 (+1)        බෙන් ස්ටෝක්ස්    එංගලන්තය      579
26 (+12)           කේෂව් මහරාජ්         ද. අප්‍රිකාව  543
53 (+20)       ග්‍රේම් ක්‍රීමර්         සිම්බාබ්වේ 311
61 (+2)       ළහිරු කුමාර   ශ්‍රී ලංකාව 270
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...