. කයිල් ශ්‍රී ලංකාවේ නම්බුව රකී | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා
කයිල් ශ්‍රී ලංකාවේ නම්බුව රකී
2017-07-24 11:55:57 | නාමල් පතිරගේ

බහමාස් රාජ්‍යයේදී ඊයේ (23) නිමාවට පත් වූ හයවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ දස්කම් එකම ක්‍රීඩකයකු  දිනාගත් රිදී පදක්කම් දෙකකට සීමා විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම අද්විතීය දස්කම් කළ පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ පෙරේදා (22) මීටර 50 නිදහස් ආර බාලක ඉසව්වෙන් තත්ත්පර 23.38කට රිදී පදක්කම දිනා ගත්තේය.

ඊට පෙර ඔහු මෙම ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දීමේ ගෞරවය ද අත්කර ගනිමින් මීටර 100 නිදහස් ආර බාලක ඉසව්වෙන් ද (තත්ත්පර 50.93) රිදී පදක්කමත් හිමිකර ගත්තේය.

මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඔහු මීටර 200 බාලක නිදහස් ආර ඉසව්ව ද තරග වැදුණු නමුත් ඔහු එහිදී මූලික වටයෙන් පරාජයට පත් වීම නිසා එහි පදක්කමක අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේය.

පෙරේදා තරගයේදීත් කයිල්ගේ ප්‍රතිවාදියා බවට පත්වූ ස්කොට්ලන්තයේ ඇලෙක්සැන්ඩර් ස්කොට් තත්ත්පර 23.10කට එහි රන් පදක්කම දිනා ගත්තේය.

මෙම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් බොක්සින්, මලල ක්‍රීඩා, ජූඩෝ, රග්බි (සත් සාමාජික), පිහිනුම් හා ටෙනිස් යන ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 27 දෙනෙකු සහභාගි වූහ.

පෙරේදා පැවැති සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව යළිත් වතාවක් සත්කාරක බහමාස් කණ්ඩායම පරාජයට පත් කරමින් (43-5) තරගාවලියේ පස්වැනි ස්ථානය ලැබීය. එහි රන් පදක්කම සැමෝවා රාජ්‍යය දිනාගත්තේ ප්‍රතිවාදී එංගලන්තය රිදී පදක්කමට සීමා කරමිනි.

ක්‍රීඩා උළෙලට සහභාගි වූ රටවල් 50කින් රටවල් 29ක් මෙවර පදක්කම් දිනා තිබූ අතර කයිල් අබේසිංහගේ දක්‍ෂ පිහිනීම හමුවේ ඔහු හිමි කර ගත් රිදී පදක්කම් දෙකෙන් ශ්‍රී ලංකාව එහිදී 22 වැනි ස්ථානයට පත්විය.

මෙම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 17 ක් දිනාගත් එංගලන්තය එහි ජයග්‍රාහකයා බවට පත්විය.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...