. මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව සභාපති දිල්හාන් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 24 වැනි ඉරිදා
මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව සභාපති දිල්හාන්
2017-07-24 21:20:38 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස දිල්හාන් ජයවර්ධන මහතා නිතරගයෙන් පත් විය. එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත්දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී 2017-2019 යන කාල සීමාව සඳහා ජයවර්ධන මහතා සභාපති ධූරයට පත්විය.

එම සංගමයේ ලේකම් ධූරය සඳහා රිස්වි ෆාරුක් සහ නමාස් ෆවුසි යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත්කර තිබූ අතර නිලවරණය පැවැත්වෙන අවස්ථාවේදී නමාස් ෆවුසි මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගැනීමත් සමග රිස්වි ෆාරුක් මහතා නිතරගයෙන් ලේකම් ධූරය සඳහා පත් විය. භාණ්ඩාගාරික ධූරය සඳහා රිස්මින් රාසික් මහතා සහ උපුල්වන් සේරසිංහ මහතා අතර ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබුණද, අවසන් මොහොතේ සේරසිංහ මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගැනීම නිසා රාසික් මහතාද භාණ්ඩාගාරික ධූරයට පත්වූයේ නිතරගයෙනි.

ලේකම් ධූරය සහ භාණ්ඩාගාරික ධූරය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා ඉල්ලා අස්කරගත් නමාස් ෆවුසි මහතා සහ උපුල්වන් සේරසිංහ මහතා පිළිවෙලින් සහකාර ලේකම් සහ උප භාණ්ඩාගාරික යන ධූර සඳහා නතරගයෙන් පත් වූහ.

මෝටර් රථ ක්‍රීඩා සංගමය යටතේ පවතින ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සමාජ 9 හිම නියොජිතයන් මෙම මහ සභා රැස්වීමට සහභාගි වූ අතර සෑම ක්‍රීඩා සංගමයකින්ම සහ ක්‍රීඩා සමාජයකින්ම නිලධාරීන් දෙදෙනා බැගින් එහිදී කමිටු සාමාජිකයන් ලෙස තොරා ගැනිණ. එහෙත් කමිටු සාමාජිකයෙක් බවට පත්වීම සඳහා අවශ්‍ය සුදසුකම් සපුරා නොතිබීම හේතුවෙන් ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජයෙන් කමිටු සාමාජිකයන් ලෙස ඉදිරිපත් කළ දෙදෙනාගෙන් එක් අයෙකුගේ නමක් ප්‍රතික්ෂේප කෙරිණ. තනතුරු සඳහා පත්වීමෙන් අනතුරුව සංගමයේ ඉදිරි වැඩ කටයුතු පහසු කරගැනීම සඳහා අනු කමිටු 6 ක් පත්කිරීමට සභාපති දිල්හාන් ජයවර්ධන මහතා සහ තමා පියවර ගත් බව ලේකම් රිස්වි ෆාරුක් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

එහිදී සංගමයේ උප ලේකම් නමාස් ෆවුසි මහතා විනය කමිටු සභාපති ලෙසත්, භාණ්ඩාගාරික රිස්මින් රාසික් මහතා ක්‍රීඩා සංවර්ධන කමිටු සභාපති ලෙසත් පත් කර තිබේ.  කමිටු සාමාජිකයන් ලෙස නම් කෙරණු මාලක හේරත්, ෂෙහාන් ද තිසේරා සහ රයන් ට්‍රොඞ් යන මහත්වරු පිළිවෙලින් ව්‍යවස්ථා සම්පාදන, ඉසව් අනුමැති/ධාවන පථ නිරීක්ෂක සහ තාක්ෂණික යන කමිටු වල සභාපතිවරු ලෙස පත් කර තිබේ. කෙසේ වුවත් තේරීම් කමිටුව සඳහා සභාපතිවරයෙක් සහ නිලධාරීන් පත්කිරීමේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බැවින් ඉදිරියේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර එම කමිටුව සඳහා සභාපතිවරයෙක් සහ නිලධාරීන් පත්කරගන්නා බවද ලේකම්වරයා පැවසීය.

සංගමයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් කළ විමසුමකදී ෆාරුක් මහතා කියා සිටියේ මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ වැඩි අවධානයක් යොමු වී නැති අංග 2 ක් වන ‘ගෝ කාට්’ තරගාවලි සහ ‘මොටර් රථ රැළි’ සඳහා ඉදිරියේදී වැඩි අවධානයක් යොමුකරන බවයි.

ඒ අනුව ලබන වසරේදී ගෝ කාට් ජාතික ශූරතාවක් අරම්භ කිරීමටත්, මෙරටදී පැවැත්වෙන මොටර් රථ රැළි සංඛ්‍යාව වැඩි කිරීමටත්, එම අංශ දෙකෙන්ම ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමටත් මෝටර් රථ ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වන බවද ෆාරුක් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ නව නිලධාරී මණ්ඩලය

සභාපති - දිල්හාන් ජයවර්ධන මහතා
ලේකම් - රිස්වි ෆාරුක් මහතා
උප සභාපතිවරු - සුරංජිත් ප්‍රේමදාස මහතා සහ කාලිංග සමරවීර මහතා
උප ලේකම් - නමාස් ෆවුසි මහතා
භාණ්ඩාගාරික - රිස්මින් රාසික් මහතා
උප භාණ්ඩාගාරික - උපුල්වන් සේරසිංහ මහතා

කමිටු සාමාජිකයෝ -
පුබුදු වික්‍රමගේ මහතා සහ ගාමිණී කවිකාර (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය)
මහේෂ් ගම්මන්පිල මහතා සහ ජයන්ත ගම්මන්පිල මහතා (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය)
දිල්ෂාන් දොඩම්වල මහතා සහ ඬේවිඞ් ට්‍රොඞ් මහතා (මෝටර් රේසිං සංගමය)
මහේන් හුරුල්ලේ මහතා සහ රයන් ට්‍රොඞ් මහතා (සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය)
අෂාර් අමීන් මහතා සහ ඇන්ඩෘ සිල්වා මහතා (සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය)
අනිල් ජයකොඩි මහතා සහ අජිත් හේමචන්ද්‍ර (ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය)
ටී. ජී. එන්. ගාමිණි මහතා සහ මාලක හේරත් මහතා (මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය)
රයන් ග්‍රේ මහතා සහ ෂෙහාන් ද තිසේරා මහතා (කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය)
ජාලිය ජයසේකර මහතා (ආසියානු මෝටර් රේසිං ක්‍රීඩා සමාජය)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි...
2017-09-23 18:44:15
සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...