. ද.කොරියාව 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි | කෙළිමඬල
2017 නොවැම්බර් මස 24 වැනි සිකුරාදා
ද.කොරියාව 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි
2017-07-26 18:41:02 | ශානුක අරවින්ද

ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව පරදවා වට 3-0 ක ජයක් ලැබීමට දකුණු කොරියාව සමත් විය.

තරගයේ පළමු වටයේදී ලකුණු 25/15 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් වුවද, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය හමුවේ දෙවැනි සහ තෙවැනි වට ජයගැනීම සඳහා දකුණු කොරියාවට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.  

ඉතා තියුණු මුහුවරක් ගත් දෙවැනි සහ තෙවැනි වට වලදී ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු කොරියාව සමගින් කරට කර තරග වැදුණද, අවසානයේ 25/20 ක් ලෙස එම වට දෙකේදීද පරාජයට පත්විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශමිල් මලින්ද සහ උප නායක ගයාන් මධුෂංක ලකුණු 8 බැගින් රැස්කළ අතර දීප්ති රොමේෂ් ලකුණු 5 ක්ද, අයේෂ් දිල්හාන්, ජනිත සුරත් සහ ලසිඳු මෙත්මාල් ලකුණු 3 බැගින්ද රැස්කළහ.

ශ්‍රී ලංකාව තරග වදින ‘සී’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් දෙක වන ජපානය සහ වියට්නායමය අතර තරගයද ඊයේ පැවැති අතර ඉන් වට 3-0 ක් ලෙස (25/13, 25/19, 25/18) පහසු ජයක් ලැබීමට ජපානය සමත් විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (26 වැනිදා) වියට්නායමයට එරෙහිව ඉන්දුනීසියා වේලාවෙන් පස්වරු 9.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...