. ලේටන් කුසලාන බොක්සිං තරග අගෝ: 2 සිට | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා
ලේටන් කුසලාන බොක්සිං තරග අගෝ: 2 සිට
2017-07-30 22:12:38 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලබන වසරේ (2018) ඕස්ට්‍රේලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍යය මණ්ඩලයීය තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පළමු තේරීම් තරගාවලිය ලෙසද මෙවර ලේටන් කුසලාන තරගාවලිය නම් කර තිබේ.

අගෝස්තු මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පස්වරු 3.00 සිට මූලික වටයේ තරග පැවැත්වෙන අතර 6 වැනිදා පස්වරු 3.00 සිට අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය. බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙ සඳහාම විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත තරග පැවැත්වේ.

මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී මාස් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ පී. වී. සපරමාදු දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, යුද හමුදාවේ කේ. ඒ. හංසිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

මෙවර තරගාවලිය සඳහා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, හෙළ, කැෂුවල්ලයින්, ලීනියා, සිලුවේටා, යුනිචෙලා, තුරුලි වැනි දිවයිනේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 ක් පමණ ඉදිරිපත්කර තිබේ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලාහෝර් යන්න බෑ කියති...
2017-10-14 15:37:15
පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන් ක...