. ස්කොෂ් මුල් පුටුව අබේසේකරට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 15 වැනි සිකුරාදා
ස්කොෂ් මුල් පුටුව අබේසේකරට
2017-08-02 20:58:30 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික ගුවන් කොමදෝරු අජිත් අබේසේකර මහතා නිතරගයෙන් පත් විය. එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත් 29 වැනිදා කොළඹ පිහිනුම් සමාජ ශාලාවේදී පැවැති අතර එහිදී 2017-2019 යන කාල සීමාව සඳහා අබේසේකර මහතා සභාපති ධූරයට පත්විය.

මෙවර නිලවරණයේදී සභාපති ධුරය සඳහා බි්‍රගේඩියර් ඒ. විද්‍යානන්ද මහතා සහ අබේසේකර මහතා නාම යෝජනා ඉදිරිපත්කර තිබුණද, කෙසේ වුවත් අවසන් මොහොතේදී විද්‍යානන්ද මහතා සිය නාම යෝජනාවය ඉල්ලා අස්කර ගැනීමත් සමග අබේසේකර මහතා එම ධූරය සඳහා නිතරගයෙන් පත් විය.

වත්මන් ලේකම් විශ්‍රාමික ගුවන් කොමදෝරු ප්‍රියදර්ශන ජයවර්ධන මහතා මෙවරත් ඒ සඳහා  නිතරගයෙන් පත් විය.

සංගමයේ උප සභාපති ධූර 5 ක් සඳහා ප්‍රදීප් රත්නායක, ඩී. ජයවර්ධන, පී. එල්. ප්‍රේමසිරි, එල්. ඩී. සිල්වා සහ කෞෂල්‍යා පෙරේරා යන මහත්ම මහත්මීන් නිතරගයෙන් පත් වූහ. එහිදී සහකාර ලේකම් ධූරය සඳහා ඩිලාන් පෙරේරා මහතා පත්වූයේද නිතරගයෙනි.

භාණ්ඩාගාරික ධූරය සඳහා ඒ. මනෝහාරි මහත්මියත්, උප භාණ්ඩාගාරික යන ධූරය සඳහා නිසංගා මායාදුන්නේ මහත්මියත් නිතරගයෙන් පත් වෙද්දී බන්දුල හේරත්, ගනේෂ් මෙන්ඩිස්, ජගත් කුමාර, නිමල් රණසිංහ, එරංග ගීගණගේ සහ මහේෂ් සිල්වා යන මහත්වරු සංගමයේ කමිටු සාමාජිකයන් ලෙස පත්වූහ.

නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ සභා රැස්වීම මේ මස තෙවැනි සතිය තුළදී පැවැත්වීමට නියමිතය. එහිදී සංගමයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ලේකම් ප්‍රියදර්ශන ජයවර්ධන මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේකම් වරයා කියා සිටියේ පිට පළාත් වල ස්කොෂ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා ස්කොෂ් සංගමය ඉදිරියේදී නව වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවයි. ඒ යටතේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව යාපනය, බදුල්ල, මහ නුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේණ්ද්‍ර කරගෙන ස්කොෂ් පුහුණු වැඩසටහන් පැවත්වීමට ස්කොෂ් සංගමය මූලිකවම බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඔහු පැවසීය.  

ඉදිරියේදී නව ජාතික පුහුණුකරුවකු පත්කරගෙන ඔහු යටතේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මට්ටමින් අඛණ්ඩ පුහුණු සංචිත දෙකක් පවත්වාගෙන යෑමට ස්කොෂ් සංගමය කටයුතු යොදා ඇති බවද ලේකම් වරයා සඳහන් කර සිටියේය.

ස්කොෂ් සංගමයේ නව නිලධාරී මණ්ඩලය

  • සභාපති - අජිත් අබේසේකර මහතා
  • ලේකම් - ප්‍රියදර්ශන ජයවර්ධන මහතා
  • උප සභාපතිවරු - ප්‍රදීප් රත්නායක මහතා, ඩී. ජයවර්ධන මහතා, පී. එල්. ප්‍රේමසිරි මහතා, එල්. ඩී. සිල්වා මහතා සහ කෞෂල්‍යා පෙරේරා මහත්මිය
  • උප ලේකම් - ඩිලාන් පෙරේරා මහතා
  • භාණ්ඩාගාරික - ඒ. මනෝහාරි මහත්මිය
  • උප භාණ්ඩාගාරික - නිසංගා මායාදුන්නේ මහත්මිය
  • කමිටු සාමාජිකයෝ - බන්දුල හේරත්, ගනේෂ් මෙන්ඩිස්, ජගත් කුමාර, නිමල් රණසිංහ, එරංග ගීගණගේ සහ මහේෂ් සිල්වා යන මහත්වරු

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...