. රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 17 වැනි අගහරුවාදා
රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති
2017-08-03 21:21:59 | .

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (2 වැනිදා) සමත් විය.

රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 215 ක පහසු ජයක් අත්කර ගනිමින් රාජකීය විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ අහන් වික්‍රමසිංහ (105) සහ කවිඳු චතුරංග (නොදැවී 104) රාජකීය විදුහල වෙනුවෙන් ශතක ලබාගැනීමට සමත් වූහ.


රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 324  
(අහන් වික්‍රමසිංහ 105, කවිඳු චතුරංග නොදැවී 104, තෙවිඳු සේනාරත්න 39, වෙයිජිත් විමලසිරි 29, පුලිඳු මල්ලිකාරච්චි නොදැවී 20, තරණ ගන්දර 65/2)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 112
(තරණ ගන්දර 35, පසිඳු සහන්දිත් 22, බිසඳු රණසිංහ 23/3, හරිඳු පලිහවඩන 10/2, මංජුල පෙරේරා 13/2, පුලින්ද මල්ලිකාරච්චි 27/2)


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලාහෝර් යන්න බෑ කියති...
2017-10-14 15:37:15
පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන් ක...