. උෂාන් - අශාන් - කුෂාන් තුන් කොන් සටනක | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 26 වැනි බදාදා
උෂාන් - අශාන් - කුෂාන් තුන් කොන් සටනක
2017-08-04 21:08:14 | ශානුක අරවින්ද

පිට පිටම සිවුවරක් ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වෙමින් අරවින්ද ප්‍රේමදාස තබා තිබූ වාර්තාව බිඳ දමමින් ඉකුත් වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් වූ උෂාන් පෙරේරා, අනිද්දා (6 වැනිදා) මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයට පිවිසෙන්නේ සිය ගෞරවය රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි.

ඊට හේතුව වන්නේ ඉකුත් වසරේ (2016) පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියද සමග තරගාවලි රැසක දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගනිමින් එම වසරේ ජාතික මෝටර් රථ ශූරයා බවට පත්වීමට උෂාන් පෙරේරා සමත් වුවද, මේ වසරේදී පැවැති එකදු තරගාවලියදී හෝ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට තමමත් ඔහු අපොහොසත්ව සිටීමයි.

එම නිසා ඉකුත් වසරේදී දිනාගත් ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය රැක ගැනීමට පමණක් නොව මේ වසරේදී නැවතත් ජයග්‍රාහී මාවතට යොමු වීම සඳහාද උෂාන්ට මෙම තරගාවලියේ ජයග්‍රහණය ඉතා වැදගත්වනු ඇත.

එහිදී උෂාන්ගේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් ලෙස ප්‍රවීණ ක්‍රීඩක අශාන් සිල්වා හැදින්විය හැකිය. ඊට හේතුව මේ වසරේදී සහභාගි වූ තරගාවලි 4 කින් 3 කදීම දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සමත්ව සිටීමයි. ඒ අනුව මෙම තරගාවලියේදීත් දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන්ට හැකි වූවහොත් මේ වසරේදී ඔහු ලබන සිවුවැනි තරගාවලි ජය එය වනු ඇත.

වසර ආරම්භයේ සිට මේ දක්වා පැවැති සෑම තරගාවලියකදීම පාහේ උෂාන් සහ අෂාන් අතර ඉතා තියුණු සටනක් පැවැති අයුරු දැකගත හැකි විය. එහෙත් ඔවුන් දෙදෙනා අතර පැවැති ද්වන්ද සටන මේ වන විට තුන්කොන් සටනක් බවට පත්කිරීමට යොවුන් ක්‍රීඩක කුෂාන් පීරිස් සමත්ව සිටියි.

උෂාන්ට සහ අෂාන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් අවසන් වරට පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත් වූ කුෂාන් පීරිස් මෙම තරගාවලියේදීද දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම සඳහා මාන බලමින් සිටියි.

එවන් තත්ත්වය මත උෂාන්ට මෙම තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම පහසු කටයුත්තක් නොවන අතර එහිදී ඔහුට අශාන්ගේ වසර ගණනාවක පළපුරුද්දට මෙන්ම කුෂාන්ගේ යොවුන් ජවයට අභියෝග කරමින් සිය අභිමානය රැකගැනීම සඳහා තරග වැදීමට සිදුවනු ඇත.

දක්ෂතම මෝටර් රථ රියදුරා තෝරාගනු ලබන තරග 2 ද ඇතුළත්ව මෝටර් රථ ඉසව් 12 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් ඇතුළු තරගකරුවන් 60 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ ජෝන් කීල්ස් යන සමාගම් එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.  

 

අශාන් සිල්වා

කුෂාන් පීරිස්

(ඡායාරූප - ශානුක අරවින්ද)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
මැතිව්ස් අවදානම් අඩවියක...
2018-09-23 20:39:36
ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...