. ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා - අබීඩ් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 22 වැනි බදාදා
ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා - අබීඩ්
2017-08-07 17:47:37 | .

විජය පුවත්පත් සමාගමේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පත වන ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත සහ ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම එක්ව පළමු වරට මෙහෙයවූ ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමේ තරගයේ ශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අබීඞ් කාදර් දිනාගැනීමට සමත් විය.  කොළඹ ආනන්ද විදුහලේ සසිඳු රත්නවීරට අනු ශූරතාව හිමිවිය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම තේරීමේ තරගයේ ශූරතාව දිනාගත් අතර කොළඹ ආනන්ද විදුහලට අනු ශූරතාව හිමිවිය.

අබීඞ් කාදර් තරගයේ අවසන් සතියේ කූපන් ගණනය අවසානයේ ඡන්ද 17693 ක් ලබා වැඩි ඡන්ද 12750 කින් පළමු ස්ථානය ලැබීය. දෙවැනි ස්ථානයට පත්වූ සසිඳු රත්නවීර ඡන්ද 4943 ක් ලබා සිටියේය.

සාන්ත තෝමස් විදුහල ඡන්ද 17711 ක් ලබා වැඩි ඡන්ද 12723 කින් ජනප්‍රියම රග්බි කණ්ඩායම බවට පත්විය. ආනන්ද විදුහල ඡන්ද 4988 ක් ලබා ගත්තේය.  

සති 12 ක් පමණ පළමු ස්ථානය රැකගෙන සිටි වෙස්ලි විදුහලේ අවිෂ්ක ලී ඡන්ද 4055 ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය. වෙස්ලි විදුහල ඡන්ද 4052 ක් ලබා ජනප්‍රියම කණ්ඩායම් තරගයේ තෙවැනි ස්ථානය ලැබීය.
 

ප්‍රතිඵල ලේඛණය
ජනප්‍රියම ක්‍රීඩකයා
ක්‍රීඩකයා ඡන්ද
අබීඞ් කාදර් (සාන්ත තෝමස් විදුහල) 17693
සසිඳු රත්නවීර (කොළඹ ආනන්ද විදුහල) 4943
අවිෂ්ක ලී (බොරැල්ල වෙස්ලි විදුහල) 4055
කසුන් අමරසිංහ (කොළඹ නාලන්දා) 3693
සුමුදු රන්කොත්ගේ (ඉසිපතන විදුහල) 635
ඔවින් ඇස්කි (කොළඹ රාජකීය විදුහල) 436
ශිවොන් ග්‍රෙගරි (කොළඹ ශාන්ත ජෝශප්) 320
චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විදුහල) 243
යුස්රාන් ලන්ත්‍රා (මරදාන සහිරා විදුහල) 223
ප්‍රවීන් රණසිංහ (ශාන්ත ඇලෝසියස් විදුහල) 193
 
ජනප්‍රියම පාසල
පාසල ඡන්ද
සාන්ත තෝමස් විදුහල 17711
ආනන්ද විදුහල 4988
වෙස්ලි විදුහල 4052
කොළඹ නාලන්දා විදුහල 3693
ඉසිපතන විදුහල 871
කොළඹ රාජකීය විදුහල  632
කොළඹ ශා. ජෝශප් විදුහල 363
මරදාන සහිරා විදුහල 225

කූපන් යොමු කළ ජයග්‍රාහකයෝ:
1. ගයාන් ජිනදාස, නො. 20, දඹහින්න පාර, මහරගම
2. කේ. එම්. අයි. සමරකෝන්, ගම්පහ පාර, ගෙලිඔය
3. ලාල් ද අල්විස්, නො. 104/5 බී, ටෙම්ප්ලස් පාර, ගල්කිස්ස

 

- 048


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...