. ජාතික පුහුණුකරු තනතුරට අයදුම්පත් කැදවයි | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා
ජාතික පුහුණුකරු තනතුරට අයදුම්පත් කැදවයි
2017-08-09 16:07:04 | සුසිල් ප්‍රේමලාල්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුර සඳහා දැන් අයදුම්පත් කැදවයි. ඒ සඳහා අයදුම්පත් බාර ගැනීම අගෝස්තු 19 දා අවසන් කෙරෙන අතර  සියලුම අයදුම්පත්  අදාළ දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, ශ්‍රී ලංකා  දැල් පන්දු සම්මේලනය  ටොරින්ටන් පෙදෙස (ටොරින්ටන් නව ගෘහස්ථ ක්‍රීඩාගාරය) කොළඹ 07 ලිපිනයට යොමු කළ යුතුය.

2018 වසරේ සහ 2019 වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මට්ටමේ දැල්පන්දු තරගාවලි දෙකක් ඉලක්ක කර ගෙන ජාතික පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැදවා ඇති බව ශ්‍රී ලංකා  දැල්පන්දු  සම්මේලනයේ සභාපති  ට්‍රික්සි නානායක්කාර මහත්මිය පවසයි.

ලබන 2018 වසරේ දෙසැම්බර් පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා දැල්පන්දු තරගා

වලිය සහ 2019 ජූලි 12 සිට 21 දක්වා එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වීමට නියමිත ලෝක ශූරතා දැල් පන්දු තරගාවලිය ප්‍රධාන වශයෙන්  ඉලක්ක කර ගෙන ජාතික දැල් පන්දු පුහුණුකාරිනිය පත් කිරීමට නියමිතය.

අවසන් වරට 2016 වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමි වූ අතර 2015 වසරේ  ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූයේ  රටවල් 16 න් 16 වැනි ස්ථානයවේ. එම තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකාරිනිය ලෙස දීප්ති අල්විස් මහත්මිය කටයුතු කළාය.

 
 

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
2017-09-14 22:30:22
තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තානු තරගාවලියට පෙර තේරීම් කමිටුවක් පත්කරගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
2017-09-13 23:35:55
තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි...
කාබුල් ගිය ජයසූරිය බෝම්බෙන් බේරෙයි...
2017-09-13 23:33:10
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා පොලිස් නිලධාරියෙ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...