. නිමාලි - වරුණ අද තරග බිමට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 15 වැනි සිකුරාදා
නිමාලි - වරුණ අද තරග බිමට
2017-08-10 13:12:06 | සුසිල් ප්‍රේමලාල්

එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක 16 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 7 වැනි දිනය වන අද (10 දා) ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළක් සිය ඉසව්වල  මූලික තරග සඳහා සහභාගී වීමට නියමිතය.

ඒ අනුව අද රාත්‍රී  7. 25 ට(ලන්ඩන් වේලාවෙන්) නිමාලි ලියනාරච්චි මීටර 800 කාන්තා දෙවැනි මූලික තරගයට  සහභාගීවීමට නියමිතව ඇති අතර වරුණ ලක්ෂාන් දයාරත්න හෙල්ල  විසිකිරීමේ පිරිමි ඉසව්වේ මූලික වටයට (බී කණ්ඩායමෙන්)  රාත්‍රී 8.35 ට සහභාගී වනු ඇත.

මීටර 800 කාන්තා ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වේ. එහි දෙවැනි මූලික වටය නිමාලි නියෝජනය කිරීමට නියමිතය. අදාල ඉසව්වේ තරග 6කින් සමන්විත මූලික වටයට ක්‍රීඩිකාවන් 54 දෙනෙකු සහභාගීවීමට නියමිතය.  

මීටර 800 කාන්තා ඉසව්ව සඳහා ලෝක ශූරතා පරිසාධන මට්ටම මි.2.01.00 ක් වන අතර නිමාලි ලියනාරච්චි එම පරිසාධන මට්ටම ඉක්මවාලීමට අසමත් වුවත් පසුගියදා ඉන්දියාවේ පැවති 22වැනි  ආසියානු ශූරතා  ජ්‍යෙෂ්ඨ  ජවන හා පිටිය මලල ක්‍රීඩා  තරගාවලියේදී මීටර් 800  ඉසව්වේ කලාපීය ශූරිය වීම පදනම් කර ගෙන ඇයට මෙවර ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය. 

නිමාලි  සිය ඉසව්වෙන් මෙතෙක් දක්වා ඇති හොඳම පෞද්ගලික දක්ෂතා මි.2.02.58 කි. නිමාලි 2015 වසරේ චීනයේ වුහාන් හි පැවති ආසියානු  ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සිය ඉසව්ව මි.2.03.94 කින් නිම කර ලෝකඩ පදක්කම දිනා  ගත් අතර 2016 වසරේ ඉන්දියාවේ  පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. එහි දී ඇය සිය ඉසව්ව නිම කළ කාලය මි.2.09.40 කි.

වරුණ  ලක්ෂාන්  දයාරත්න හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් දක්වා ඇති උපරිම දක්ෂතාව මීටර 82.19 කි. එහෙත් මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල ඉසව්වේ පිරිමි ශ්‍රේණිගත කිරීම් අනුව (ලෝක ශූරතා තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමට පෙර)  වරුණ 32 වැනි  ස්ථානයේ සිටි හෙයින් ඔහුට ද මෙවර ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය.

මේ අතර ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා  තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ මැරතන් ක්‍රීඩික ක්‍රීඩිකා දෙපලක් වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ හිරුණි විජයරත්න සහභාගී වූ නමුත් ඔවුන් දෙදෙනාටම තරගය අවසන් කිරීමට නොහැකි විය.

ලෝක ශූරතා  මලල ක්‍රීඩා තරගාවලිය මෙම 13 දා අවසන් වේ.
 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...