. පාපැදි නිලවරණයට නාමයෝජනා කැඳවයි | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
පාපැදි නිලවරණයට නාමයෝජනා කැඳවයි
2017-08-10 15:33:51 | සුසිල් ප්‍රේමලාල්

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මෙම අගෝස්තු 16 දා මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරේ. නිලවරණය මේ මස 31 දා පෙ.ව. 10.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට විධි විධාන යොදා ඇති බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් සංජය ලීලාරත්න මහතා පවසයි.

පාපැදි සම්මේලනයේ තනතුරු 11ක් (සභාපති, උප සභාපතිවරු 07ක්, ලේකම්, උප ලේකම් හා භාණ්ඩාගාරික) සඳහා නව යෝජනා කැඳවීමට පියවර ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අනුබද්ධිතව දිස්ත්‍රික් සංගම් ඇතුළු සංගම් 58 කට මෙතෙක් ඡන්ද බලය හිමිව තිබූ බව පවසන සම්මේලනයේ ලේකම්වරයා පාපැදි ව්‍යවස්ථාව අනුව අක්‍රීය සංගම් 32කට ඡන්ද බලය අහිමි කර ඇති බව  කියයි. එහෙත් මේ වන විට ඡන්ද බලය අහිමි කර ඇති සංගම් 16කින් අභියාචනා ඉදිරිපත් වී ඇත. 

මෙම අභියාචනා පාපැදි නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කර අවසන් තීරණය ගැනීමට නියමිතය.

පාපැදි නිලවරණ කමිටුව සඳහා පංච පුද්ගල කමිටුව පත් කර ඇත. ඇන්ටන් රාජා ගුණතිලක (සභාපති) ශ්‍රීමාල් වර්ණකුලසූරිය, නන්දන මහෝදරන්, එච්.ජී.හේමපාල යන මහත්වරු සහ ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිත සුභානි උඩවත්ත මහත්මිය පත්කර ඇත.

පාපැදි නිලවරණ කමිටුව මෙම 11 දා රැස් වී නිලවරණය මෙහෙයවන ආකාරය සහ ඡන්ද බලය හිමි සංගම් කවරෙක් ද  යන්න තීරණය කිරීමට නියමිතය. 

පාපැදි නිලවරණය මෙතෙක් ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව විගණන වාර්තා ප්‍රමාද වීම බව වාර්තා වේ.


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා...
2017-11-17 17:00:09
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර...