. පාසල් පැසිපන්දු තරග සැප්: 2 දා සිට | කෙළිමඬල
2017 නොවැම්බර් මස 17 වැනි සිකුරාදා
පාසල් පැසිපන්දු තරග සැප්: 2 දා සිට
2017-08-23 17:18:54 | .

පාසල් පැසිපන්දු සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ පැසිපන්දු තරගාවලිය ලබන සැප්තැම්බර් මස 2 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ බාලිකා අංශයේ තරග සැප්තැම්බර් මස 2 වැනිදා පෙරවරු 7.00 සිට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර බාලක අංශයේ තරග පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 5 වැනිදා පෙරවරු 7.00 සිට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩාංගණයේදීය.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් කාණ්ඩ 4 කට බෙදා වෙන්කර ඇති අතර මූලික වටයේදී දක්ෂතා දක්වන කණ්ඩායම් 4 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. ඉන් අනතුරුව අවසන් පූර්ව තරග වටය පැවැත්වෙන අතර අවසන් මහා තරගය සැප්තැම්බර් මස 17 වැනිදා විදුලි ආලෝකය මධ්‍යයේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පාසල් මට්ටමින් පැසිපන්දු ක්‍රීඩාව දිවයින පුරා ප්‍රචලිත කරවීමේ අරමුණින් ඉකුත් වසරේදී (2016) මෙම තරගාවලිය ආරම්භ කෙරුණු අතර එම තරගාවලිය සඳහා පාසල් 26 ක් සහභාගි විය.

එවර තරගාවලියේ බාලක ශූරතාවය දිනාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත්, බාලිකා ශූරතාවය දිනාගැනීමට කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයත් සමත් විය. මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එම තරගාවලියේ බාලක අනුශූරතාවය හිමි වූ අතර එහි බාලිකා අනුශූරතාව හිමි වූයේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයටය.

-036  

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...