. ශූරයන්ගේ ලීග් තරගාවලිය 2 දා සිට | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
ශූරයන්ගේ ලීග් තරගාවලිය 2 දා සිට
2017-08-23 20:35:05 | සුසිල් ප්‍රේමලාල්

කලුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සහ බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජය අතර ලබන සැප්තැම්බර් 2 දා ප.ව 3.30 ට කලුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පාපන්දු තරගයෙන් 2017 ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විධි විධාන යොදා තිබේ. මෙම තරගාවලිය සඳහා 2016 පාපන්දු තරගයේ සුපිරි දස්කම් දැක්වූ පාපන්දු කණ්ඩායම් 18ක් තෝරා ගෙන තිබේ.

බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජය, කලුතර බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, කොළඹ එෆ්.සී. කොළඹ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය, කුරුණෑගල පෙලිකන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය, නාවලපිටිය අප් කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය, මාතර සිටි ක්‍රීඩා සමාජය, කොළඹ ජාවා ලේන් ක්‍රීඩා සමාජය, ගම්පොළ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, නිගම්බු යූත් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, අනුරාධපුර සොලීඞ් ක්‍රීඩා සමාජය, වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් මෙවර ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියට සහභාගී වීමට වරම් ලබා ඇත.

ලබන දෙසැම්බර් 17 දක්වා මෙම තරගාවලිය සෑම සති අන්තයකදීම පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරග 153 කින් තරගාවලිය සමන්විත වනු ඇත.

විදෙස් ක්‍රීඩකයන් 3 දෙනා බැඟින් එක් කණඩායමකට සහභාගී කර ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.  මෙවර එක් කණ්ඩායමක් ලියාපදිංචි කිරීමේ ක්‍රීඩක සංඛ්‍යාව 25 සිට 30 දක්වා වැඩි කර ඇතැයි පවසන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එම 30 දෙනාගේ සංචිතයට අනිවාර්යෙන්ම වයස අවු 22 ට අඩු ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළත් කළ යුතු බවද පවසයි.

මෙවර ද තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට මුදලින් රු. ලක්ෂ 7ක් ද අනුශූර කණ්ඩායමට රු. ලක්ෂ 5 ක්ද  පිරිනැමේ. පසුගිය වසරේදී කොළඹ පාපන්දු සමාජය ශූරතාව දිනා ගත් අතර අනු ශූරතාව රිනවුන් ක්‍රීඩා සමාජයට හිමි විය.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...