. ශා. පීතරයෝ II වැනි කොටසේ ශූරතාව දිනති | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 21 වැනි සෙනසුරාදා
ශා. පීතරයෝ II වැනි කොටසේ ශූරතාව දිනති
2017-08-25 15:59:52 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 4 කින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරමින් ශාන්ත පීතර විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දක්ෂ පිතිහරඹයක නිතර වූ හිමසර රන්දෙණි පන්දු 113 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සහ සමගින් ලකුණු 80 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ෂේන් ප්‍රනාන්දු (68) සමත් වූ අතර පන්දු 79 කදී වාරත් වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. 

ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 196 
(ෂේන් ප්‍රනාන්දු 68, දිමිත්‍ර පෙරේරා 28, ඩිෂේන් ද මෙල් 28, දිදුල පීරිස් 18, දිනුක රොද්‍රිගූ 38/3, නිරෝෂ් අර්ෂන 29/2)

ශාන්ත පීතර විද්‍යාලය - ඕවර 47.3 කදී කඩුලු 6 ක් දැවී 200 
(හිමසර රන්දෙණි 80, මයුර සමරවික්‍රම 39, සඳරු ගමගේ 36, නිරෝෂ් අර්ෂන නොදැවී 25, සුපුන් ප්‍රනාන්දු 19/3, දිදුල පීරිස් 14/2)  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි ඉන්දියන්ස්ට ලකුණු 46 ක ජයක්...
2018-04-17 20:49:10
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (17 වැනිදා...
හිරුණි විජේරත්න...
2018-04-16 19:26:26
“අද මම කළේ මගේ හොඳම මැරතන් තරගය නෙමේ. ඒත් මට පුළුවන් තරම් හොඳින් මම තරග කළා. කිලෝ මීටර 15 ක් විතර ගියාට මගේ තියෙන සියලුම ශක්තිය ඉවර වෙයි කියල...
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
අපේ කාලයේ පන්දු යැවීම පහසුයි - මුරලි...
2018-04-17 16:34:31
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාග...