. ගිනිසිළුව දල්වන්න නාමයෝජනා 4 ක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
ගිනිසිළුව දල්වන්න නාමයෝජනා 4 ක්
2017-08-29 17:19:42 | නාමල් පතිරගේ

මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ලබන මස 22, 23, 24 යන දිනවලදී පැවැත්වෙන 43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී ගිනිසිළුව දැල්වීම සඳහා මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනකුම යෝජනා වී ඇතත්, මෙතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැතැයි දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ මහතා පවසයි.

ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතු නොකරන දකුණු පළාතේ හිටපු ක්‍රීඩකයකුට හා හිටපු ක්‍රීඩිකාවකට අවස්ථාව දිය යුතු බවට අලුත් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව පැවැසූ දිසානායක මහතා දැනට යෝජනා වී තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා නිලධාරීන් ලෙස වර්තමානයේ කටයුතු කරන්නන් බව පැවැසීය.

මීට පෙර ජාතික මහ ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් රන් පදක්කම් දිනාගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන චන්දිමාල් නිරෝෂන්, පී.කේ. සුජිත් රෝහිත, තමරා සමන් දීපිකා හා ස්වර්ණමාලි වික්‍රමසිංහ 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම සඳහා දැනට යෝජනා වී තිබෙන හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

ජාතික ක්‍රීඩා උළෙල වෙනුවෙන් දකුණු පළාතේ ස්ථාන 100 කදී අනිද්දා (31 වැනිදා) එකම වේලාවට වොලිබෝල් තරග 100 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වැඩිදියුණු කළ වොලිබෝල් ක්‍රීඩාංගණ 100 කදී (ගාල්ල දිස්ත්‍රික්කය 45, මාතර දිස්ත්‍රික්කය 35, හම්බන්තොට 20) එදින පස්වරු 4.00 ට මෙම වොලිබෝල් තරග පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද වීරසුමන වීරසිංහ මහතා පවසයි.

මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ සත්කාරය දකුණු පළාත දරන බැවින් ඒ යටතේ ක්‍රීඩා වැඩසටහන් ගණනාවක් ඉදිරි දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු එහිදී පැවැසීය.

ඒ අනුව දකුණු පළාත් ක්‍රීඩා සමාජ, වැඩිහිටි හා දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිතයන් සඳහා ක්‍රිකට් තරගාවලි කිහිපයක් සැප්තැම්බර් 4 සහ 5 යන දිනවල මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ප්‍රධාන මාතර නගරයේ ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මාතරදී ජාතික මහ ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන්නේ වසර 2002න් පසුවය. ජාතික ක්‍රීඩා උළෙලට දකුණු පළාත සත්කාරය දරන්නේ වසර 2008 න් පසුවය. 

මෙවර ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් එය පැවැත්වෙන දිනවල කොටවිල ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා ජාතික ක්‍රීඩා සංගම් 62කට ප්‍රදර්ශන කුටි සූදානම් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තවත් විශේෂ ප්‍රදර්ශන කුටි 12ක් එම තුන් දිනදී මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරේ.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක හා සමාප්ති උත්සව පැවැත්වේ.

43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල්, කබඩි, පාපන්දු, බොක්සින්, පැසිපන්දු, මල්ලවපොර යන ක්‍රීඩා ඉසව් ද මෙවර දකුණු පළාතේදී පැවැත්වීමට කටයුතු කෙරේ.

ක්‍රීඩා අමාත්‍යාංශය කළින් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මෙවර ක්‍රීඩා උළෙල සබරගමුව පළාත් කේන්ද්‍ර කර ගනිමින් රත්නපුරයේදී පැවැත්වීමටය. 

කෙසේ වුවත් රත්නපුරයේදී මෙතෙක් ජාතික මහ ක්‍රීඩා උළෙලක් පවත්වා නොමැති අතර, එවකට නන්ද මැතිව් මහතා ක්‍රීඩා ඇමැති ධුරය දැරූ සමයේ 1990 දී ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙල සබරගමුව පළාත එදා මෙදා තුර මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරය දැරූ මෙතෙක් එකම අවස්ථාව වේ.

වසර 2016 ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 33 ක් දිනා ගත් දකුණු පළාත දෙවැනි ස්ථානයට පත්වෙමින් ජාතික මහ ක්‍රීඩා උළෙලකදී එදා මෙදා තුර ඉහළම ජය ලබා තිබේ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...