. කායවර්ධන ශූරතාවලිය ඔක්: 4දා | කෙළිමඬල
2018 ජූනි මස 22 වැනි සිකුරාදා
කායවර්ධන ශූරතාවලිය ඔක්: 4දා
2017-09-05 17:00:49 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අධීක්ෂණය යටතේ 7 වැනි වරටත් පැවැත්වෙන ‘රොබට් රූපසිංහ අනුස්මරණ කුසලාන’ කායවර්ධන ශූරතාවලිය ඔක්තෝබර් මස 4 වැනිදා මාතර, සමූපාකාර මන්දිරයේදී පැවැත්වේ. තරගාවලියේ අවසන් පූර්ව තරග එදින පෙරවරු 9.00 සිට පැවැත්වෙන අතර අවසන් මහ තරගය පස්වරු 4.00 සිට පැවැත්වේ.

රොබට් රූපසිංහ මහතාගේ බිරිඳ වන පැට්ටී්‍රෂියා රූපසිංහ මහත්මිය තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ කායවර්ධන ක්‍රීඩකයකු වන රොබට් රූපසිංහ, පිට පිටම සිවු වරක් ජාතික අයෝමය ශූරතාව දිනාගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි.

වාද්දුව ප්‍රදේශයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වී පසු කලෙක නාවික හමුදාව සමග සම්බන්ධ වූ ඔහු, 1969 වසරේ පැවැති ආසියානු කායවර්ධන තරගාවලියේදී උස ක්‍රීඩකයන්ගේ කාණ්ඩයේ රිදී පදක්කම දිනාගනිමින් ආසියාවේ දෙවැනි ස්ථානයට පත් විය.

සිය ක්‍රීඩා දිවියේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1967 වසරේදී කළුතර අයෝමය ශූරයා බවට පත් වූ රොබට්, 1968 වසරේදී ජාතික කනිෂ්ඨ අයෝමය ශූරයා ලෙසද සම්මාන දිනාගත්තේය. 1969 වසරේදී පළමු වරට ජාතික අයෝමය ශූරයා බවට පත්වන ඔහු, එතැන් පටන් තවත් වසර 3 කදී පිට පිටම එම සම්මානය තමන් සතුකර ගැනීමටද සමත් විය. 28 වැනි වියේ පසුවෙද්දී රිය අනතුරකට මුහුණ පෑම නිසා ඔහු දිවියෙන් සමුගත්තේය.

‘රොබට් රූපසිංහ අනුස්මරණ කුසලාන’ තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු එල්. එස්. ජයවර්ධන, නො. 76, ධර්මරත්න මාවත, උයන්වත්ත, මාතර යන ලිපිනය ඔස්සේ හෝ 077-0253996 යන දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...