. ලයිසියම් පාසලෙන් පෙරළියක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
ලයිසියම් පාසලෙන් පෙරළියක්
2017-09-05 20:07:19 | ශානුක අරවින්ද

පාසල් පැසිපන්දු සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ පාසල් පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයකදී ඉකුත් වසරේ ශූරියන් වන කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය ලකුණු 41-29 කින් පරාජය කරමින් බාලිකා කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

එම තරගයේ පළමු අර්ධය අවසන් වන විට 19-11 ක් ලෙසින් පෙරමුණගත් ලයිසියම් ක්‍රීඩිකාවෝ කෙමෙන් කෙමෙන් ලකුණු පරතරය වැඩි කරගනිමින් නියමිත කාලය අවසන් වන තෙක් පෙරමුණ රැකගැනීමට සමත් වූහ. එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් හසීනා අබ්දුල් ලකුණු 18 ක්ද, යහපත් එඬේරාගේ කන්‍යාරාමය වෙනුවෙන් කවිෂා ඉලංගතිලක ලකුණු 16 ක්ද රැස්කළහ.

නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල, කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයද අර්ධ අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණ ලබා තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත ජෝෂප් විදුහල හමුවේ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයද, ගේට්වේ ජාත්‍යන්තර පාසල හමුවේ කොළඹ ප්‍රෙස්බටේරියන් බාලිකා විදුහලද, බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හමුවේ කොළඹ විශාකා විදුහලද පරාජයට පත්වූහ.

මේ මස 2 වැනිදා සහ 3 වැනිදා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු ක්‍රීඩාංගණයේදී තරගාවලියේ මූලික වටයේ තරග පැවැති අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග 4 වැනිදා පැවැත්විණ. අවසන් පූර්ව තරග ලබන සෙනසුරාදා (9 වැනිදා) එම ක්‍රීඩාංගණයේදීම පැවැතීවීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටය
■    නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 79-15 කින් මීගමුව ආවේ මරියා කන්‍යාරාමය පරාජය කරන ලදි.
■    කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල විසින් ලකුණු 51-45 කින් කොළඹ ප්‍රෙස්බටේරියන් බාලිකා විදුහල පරාජය කරන ලදි.
■    බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් ලකුණු 49-07 කින් කොළඹ විශාකා විදුහල පරාජය කරන ලදි.
■    වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් ලකුණු 41-29 කින් කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය පරාජය කරන ලදි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...