. තේරීම් කමිටුව නොදත් ටෙස්ට් සංචිතයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
තේරීම් කමිටුව නොදත් ටෙස්ට් සංචිතයක්
2017-09-07 22:19:35 | දමින්ද විජේසූරිය

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීමට නම්කරනු ලැබ සිටින ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මැදිහත්වීමකින් තොරව සිදුවී ඇතැයි වාර්තා වේ. පසුගිය 4 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචිතයට අයත් ක්‍රීඩකයන් 25 දෙනා ප්‍රකාශ කරනු ලැබුවද ඒ වන විටත් ක්‍රිකට් තේරීම් කමිටුව නිල වශයෙන් ඉල්ලා අස්වී තිබිණ.

මෙම ක්‍රීඩකයන් 25 දෙනාගෙන් යුත් මූලික සංචිතය තෝරා ගැනීම පිළිබඳව කළ විමසීමේදී තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෙක් කියා සිටියේ අදාළ සංචිතය තෝරා දෙන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ නමුත් ඒ වන විටත් තමන් ඉල්ලා අස්වී සිටි බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

“අපි එයාලට කලින්ම දැන්නුවා ඉන්දීය සංචාරයත් සමගින් අපි සියලු දෙනාම ඉල්ලා අස්වෙනවා කියලා. පාකිස්තානු තරගාවලිය තියෙන්නේ අපේ කාල වකවානුවට ඇතුළත්ව නෙමේ. ඒ නිසා අපට ඒ ගැන වගකීමක් ගන්න බෑ” යයි තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයා පැවසීය.

සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අගෝස්තු 29 වැනිදා ඉල්ලා අස්වූයේ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී තමන්ගේ කටයුතු අවසන් වන බව නිවේදනය කරමිනි. රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෝ වූහ.

ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ සහ කළමණාකාරීත්වයේ එකඟතාව මත මෙම ක්‍රීඩකයන් 25 දෙනාගේ සංචිතය නම්කරනු ලැබ ඇති බවයි.

මේ අතරවාරයේදී උපුල් තරංග ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වයටත්, තේරීම් කමිටු නිලධාරීන්ටත් විද්යුත් ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ සීමිත ඕවර සඳහා භාවිතයට ගැනෙන සුදු පන්දුව කෙරෙහි වැඩිපුර අවධානයක් යොමුකිරීම සඳහා මාස හයක කාලයකට තමන් ටෙස්ට් තරග වලින් මුදවන ලෙසයි. ක්‍රිකට් කළමණාකාරීත්වයෙන් ඊට අවසර ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස අගදී ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අබුඩාබිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයකි. අනතුරුව එක්දින තරග 5 ක් පැවැත්වෙන අතර තරගාවලියට ඇතුළත් විස්සයි-20 තරග 3 කි.

ශ්‍රී ලංකා - පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශමින්ද එරංග සහ ධම්මික ප්‍රසාද්

 

Roy2017-09-07 17:20:55
අසේල ගුණරත්න කොහේද ?

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...